විශේෂාංග

කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

ජගත් ගුණවර්ධන විසිනි මේ දිනවල චීනයේ කුන්මින් (Kunming) නගරයේ පවත්වනු ලබන ජෛව විවිදත්ව ප්‍රඥප්තියේ පාර්ශ්වයහි පහලොස්වන සමුලුවේදී (15th Conference of Parties)(COP-15) ඊට පාර්ශ්වයන් වන රටවල් විසින් මීට දෙදිනකට පෙර​,එනම්,ඔක්තෝම්බර් මස 13 දින ලොවේ ජෛව විවිධත්වය ආරක්ශා කිරීමට ප්‍රතිඥා දෙමින් පොදු ප්‍රකාශනයක් සම්මත කර ගන්නා ලදී.මෙම සමුලුව පවත්වන කුන්මින් නගරය වෙනුවෙන් එය "කුන්මින් ප්‍රකාශනය​ (Kunming Declaration)" ලෙස නම්කර තිබේ.ලොවේ රටවල් 195ක් ජෛව විවිධත්ව ප්‍රඥප්තියට (Convention on Biological Diversity)(CBD)අත්සන් තබා බලාත්මක කර තිබෙන නිසා (හෙවත් ප්‍රඥප්තියේ පාර්ශවයන් (parties) නිසා) එය මෙම රටවල්වල නියෝජිතයන් සියල්ලගේම අනුමැතියෙන් හෙවත් පාර්ශ්වයන් විසින් අනුමත කර තිබේ.ශ්‍රී ලංකාවද මෙම ජෛව විවිධත්ව ප්‍රඥප්තියයේ පාර්ශ්ව රටක් වේ. මෙම ප්‍රකාශනය මඟින්…
Read More
මාරාන්තික ඩෙංගු රෝගය පරදන නව බලාපොරොත්තුවක්

මාරාන්තික ඩෙංගු රෝගය පරදන නව බලාපොරොත්තුවක්

Republished From: https://thathu.com/2021/10/11/මාරාන්තික-ඩෙංගු-රෝගය-පරද/ ඔක්තෝබර් 11, 2021 කොවිඩ්-19 ගෝලීය වසංගතය හමුවේ මාරාන්තික ඩෙංගු රෝගය ගැන  අප කාගේත් අවධානය බාගදා අඩුව ගිය බවක් පෙනී යන්නට පුළුවන. එහෙත් සෑමවසරකම මිලියන 400ක පිරිසක්  ආසාදනය කරන 25,000ක් දෙනා මරුමුවට හෙලන ඩෙංගු මාරයා පි‍ටුදකීමේ අවශ්‍යතාවයෙහි නම් අඩුවක් කොහෙත්ම ඇතිවන්නේ නැත. විශේෂයෙන්ම, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ නිවර්තන කලාපීය රටවලට වැඩි බලපෑමක් එල්ලකරන ඩෙංගු මර්ධනයට මගපාදන ඖෂධයක් ගැන සුබ ආරංචියක් අද ලිපියෙන් ගෙන එන්නෙමු.ඩෙංගු රෝගය දැඩි වේදනාව සහ මරණය පවා ඇති කළ හැකි වෛරස් රෝගයකි.  ඩෙංගු  පැතිර යන විට වැඩි වැඩියෙන් පීඩාවට පත් වන නිවර්තන කලාපීය රෝහල් වලට නම් ඇත්තෙන්ම එය  සහනදායී පුවතක් වන්නට පුළුවන. ටෙස්ට් ටියුබ් අත්හදා…
Read More
විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

Republished From: https://roar.media/sinhala/main/trending/the-pandora-cluster Milan Perera 7 Oct 2021 ග්‍රීක මිත්‍යා කතා අනුව පැන්ඩෝරා යනු දෙවියන් මැවූ එක්තරා කාන්තාවක්. ඇය සතු ව දෙවියන් ලබා දුන් පෙට්ටියක් හෝ භාජනයක් වැනි දෙයක් තිබුණා. සාමාන්‍ය ව්‍යවහාරයේදී එය "පැන්ඩෝරා පෙට්ටිය" ලෙස හඳුන්වනවා. පෙට්ටිය කිසිදා විවෘත නොකරන ලෙස දෙවියන් පැන්ඩෝරාට උපදෙස් ලබා දී තිබුණා. එහෙත්, කුතුහලයෙන් මිරිකුණු පැන්ඩෝරා, පෙට්ටිය විවෘත කළා. සැණෙකින් පෙට්ටිය තුළ සිර වී සිටි යක්ෂ ආත්ම සියල්ල ම ලෝකයට නිදහස් වුණා. බියට පත් වූ පැන්ඩෝරා වහා ම පෙට්ටිය වසා දැමූ හෙයින්, එක්තරා දෙයකට පෙට්ටියෙන් එළියට එන්න හැකි වුණේ නැහැ. පැන්ඩෝරා පෙට්ටිය යළි විවෘත වෙයි!   සැබෑ යක්ෂයන් සදාකාලිකව ම පැන්ඩෝරා පෙට්ටියක සැඟ ව…
Read More
ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !<br>අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !
අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

පුවත්පත් නිවේදනය 2021 සැප්තැම්බර් 28 පුවත්පත් නිවේදනය ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු ! පසුගිය කාලය තුළ රජය විසින් නිදහස් අධ්‍යපානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සුදානම් වු කොතලාවල පනතට එරෙහිව අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය සමිති, බහුජන සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණ හා ගුරු සංගම් විසින් ඒකාබද්ධව කරගෙන ගිය ඔවුන්ගේ වෘත්තීය සටන මර්ධනය කිරීම සඳහා රජය විසින් දරුණු මර්ධනයක් දියත් කර ඇත. අගෝස්තු මස 03 වන දින කොතලාවල පනතට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත,…
Read More
මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

Kusumsiri Wijayawardena අප රටේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලින් හමුවී ඇත්තේ මධ්‍ය ශිලා යුග හෙවත් මෙසොලිතික යුගයේ මානවයන් ගැන (බලංගො මානවයා) සාධකයි. ඊට වෙනස් මානව සාක්ෂි හමුවූ තැනක් විදිහට දොරවක ලෙන සලකන්න පුළුවන්. බලංගොඩ මානවයාගේ තරමක් දියුණු සාධකයි එහිදී මතුවී තිබෙන්නේ. මෙම ලෙනෙන් හමුවූ ඇතා සහ පැටියා දැක්වෙන චිත්‍රයත් ලොව පුරා අවධානයට ලක්වූ ප්‍රාථමික සිත්තමක්. මෙහි ජීවත්වී ඇත්තේ සංචාරක දඩයම් ජීවිතයෙන් මිදී ස්ථිර වාසස්ථානවල බෝග වගාවකට හුරුවූ පිරිසක් බව අනුමාන කෙරෙනවා. ලෙන පිහිටි පර්වතය ඈතට- magadige.blogspot.com ගමන් මඟ කොළඹ- නුවර පාරේ වරකාපොළ නගරයෙන් ගලපිටමඩ පාරට හැරී කි. මී. 7ක් ගමන් කරන විට ගනේගම හමුවෙනවා. එතැනින් හැරී  ඒබිඩිගල ගම හරහා  දිවෙන…
Read More