විකල්ප සහ මතවාද

ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

Byජයදේව උයන්ගොඩ January 4, 2022 Originally published on : https://anidda.lk/ලංකාවට-සුදුසුජනාධිපති-ක්/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, බලයට පත්වීමට ආශාවෙන් සිටින පුද්ගලයන් සතුටට පත් කිරීමට නොව, නිදහස අගය කරන පුරවැසියන් සතුටු කිරීමටය. එය කළ හැක්කේ රාජ්‍යයේ පදනම්, දේශපාලන ඉලක්ක, ආයතන සහ ක්‍රියාවලීන් ප්‍රජාතන්ත්‍රවාදී කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකටය. ලංකාවේ මේ දිනවල තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාවේ අනිවාර්යයෙන් මතුවන ප්‍රශ්නයක් වන්නේ, ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයට සිදුකළ යුත්තේ කුමක්ද යන්නයි. ජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද? යන තෝරා ගැනීම් දෙක අතර ප්‍රශ්නයක් ලෙසින්ද එම කරුණ ඉදිරිපත් වී තිබේ. පොදු ජනතාව අතර මෙම තෝරා ගැනීම් දෙකින් කවරකට බරක් තිබෙන්නේද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් නැත. ඒ ගැන මහජන අදහස් විමසන සමීක්ෂණ…
Read More
උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින් ඉදිරියෙන් ඉදිරියට යන මොහොතක, අපි “ජාතික” මට්ටමේම වූද, ඉතිහාස රෝදය…
Read More

ගෝඨාභයගෙ දෙවසරක පාලනය රටම අඳුරට හෙළූ යුගයක්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච  පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් "මේ යකා පිස්සෙක්" කියන තැනට ජනයා ගමන් කොට ඇත. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ උද්ගත වී ඇති පෝලිම්වල මේ…
Read More
කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

විජයානන්ද ජයවීර විසින් සිය වෙබ් අඩවිය වන JAYAVOICE හි පළ කරන ලද ලිපියකි. උපුටා ගැනීම: https://jayavoice.com/2020/05/05/කලා-හා-මානව-ශ්%e2%80%8dරාස්ත්%e2%80%8dරී/ අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන්‍ මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර‍ අයත් වන බැවිනි. බොහෝ විට  එම…
Read More
ලෝක ළමා දිනය නිමිත්තෙනි!

ලෝක ළමා දිනය නිමිත්තෙනි!

චාල්ස් දයානන්ද විසිනි තුනයි + තුනයි = තිස්තුන...         කුඩා දරුවන්ගේ විචක්ෂණ බුද්ධිය පිලිබදව කදිම උදාහරණයක් දැක්වෙන චිත්‍රයක් මීට වසර ගනනකට පෙර දැකගන්නට ලැබුනි.           වසර කීපයකට පෙර ජාතික ළමා අධිකාරිය විසින් ලෝක ළමා දිනය වෙනුවෙන්  පැවැත්වූ ළමා චිත්‍ර තරගයක් විනිශ්චය කිරීමට අපි සහභාගි වුනෙමු. චිත්‍ර සදහා මාතෘකාව ලෙස ප්‍රකාශ කර තිබුනේ " වැඩිහිටියනි..අපටත් සවන් දෙන්න "..යන්නයි. මෙය ඉතා හොඳ මාතෘකාවක් බව අපටද පෙනුනි. එමගින් වැඩිහිටියන් වෙත තම අදහස් නොබියව ඉදිරිපත් කරන්න අවස්ථාව දී තිබුනි. දරුවෝ අපූරු නිර්මාණ එවා තිබුනි.           අප ප්‍රාථමික අංශයේ ප්‍රතම ස්ථානය දුන්නේ පෙරපාසල් දරුවකුගේ…
Read More
අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි.

අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි.

Wijayananda Jayaweera සිය මුහුණත් පිටුවේ තබන ලද සටහනකි අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්ජාතර දිනයයි. වසර පහකට පෙර තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව පොදු අධිකාරි සතුව ඇති ඕනෑම තොරතුරක් "2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ" නියම කරන ලද ආකාරයට ලබා ගැනීමේ අයිතිය අපට තිබේ. එහෙත් මේ නීතිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ පොදු අධිකාරි විසින් එසේ ඉල්ලන තොරතුරු නිසි පරිදි ලබාදෙන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින තොරතුරු කොමිසමේ කල්කිරියාව හා ස්වාධීනත්වය අනුවය. මෙතෙක් ඒ කටයුත්ත සතුටුදායකව ඉටු කෙරුණේ කොමිසමට පත්ව සිටි සාමාජිකයන් පස්දෙනා සිය කටයුතු වෘත්තීය ස්වාධීනත්වයකින් හා අදීන…
Read More
ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

රාජිනි තිරාණගම අනුස්මරණ සංගමය සහජීවනය උදෙසා වන යාපනය ජනතා සංගමය සමඟ ඒක්ව සංවිධානය කරන සැමරුම් දේශනය 2021 ඔක්තෝබර් 02 සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙම වැඩ සටහන සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම පැවැත්වෙන අතර සූම් ID: 970 2457 3102 මගින් ඔබට සහභාගි විය හැක.
Read More
අපටත් රජෙක් ඉන්නේ…

අපටත් රජෙක් ඉන්නේ…

මම නම් මත්පැන් ලෝලියෙක් නෙවෙයි. හැබැයි මේ මිනිස්සුන්ට ‘නිදහසේ’ මත්පැන් ටිකක් තොලගාන්න අයිතිය තියන්න ඕනි. ඉතිං බොන්න කැමති මේ ලාංකිකයෝ නම් මේ විඳින්නේ අමු අපා දුකක්. කන්නේ අමු කට්ටක්. සංචරණ නීතිත් දමල නිසා පොලිසිය අල්ලන්නත් පුළුවන්. කූඩුවේ දාන්නත් පුළුවන්. පොඩි බයකුත් නැතුව නෙවෙයි. හැබැයි ඒක වෙනදට නැති ආතල් එකක්. ඒක් බාර් වෙනුවට මල්ටි බාර්. බාධා ගොඩයි. සංචරණ නීති අස්සේ අමාරුවෙන් හිරවෙලා පොදි කාල, කොරෝනා හදාගෙන ගන්න බෝතලේ තමයි ලොවෙත් නැති බෝතලේ. මරණය පෙනි පෙනී ගන්න බෝතලේ නෙවෙයි ද ආතල් වැඩිම බෝතලේ කියන එක අපි හැමෝම හිතන්න ඕනි මේවා විවේචනය කරන්න කලින්. නිකම් සුපර් මාකට් ගිහින් ඩීසන්ට් පිට බෝතල් ගන්න අවස්ථාවක්…
Read More
බූරුවා සහ වළ

බූරුවා සහ වළ

මහේෂ් හපුගොඩ විසිනි දවසක් බූරුවෙකුයි උගේ අයිතිකාරයයි ගමනක් ගියා. ටිකක් නන්නාදුනන පැත්තකින් ගමන් කරනකොට එකපාරටම බූරුවා වලකට වැටුණා. ඒක ටිකක් ගැඹුරු වලක්. වළට දෙරිගහපු බූරු තඩියා ගන්න දැන් අයිතිකාරයා වෙහෙස වෙනවා. එහෙම උනාට ඌ උඩට ගන්න බැරි වුණා. එකක් උගේ බර. අනික වළේ ගැඹුර. ටිකක් දඟලලා අයිතිකාරයා වැඩේ අත ඇරලා දැම්මා. ඒත් මේ වළ ඇතුළේ බුරුවා කන්නත් නැතුව බොන්නත් නැතුව දුක් විඳලා මැරෙනවා දකින්න අයිතිකාරයා කැමති උණේ නැහැ. ඒ නිසා එයා හිතුවා බූරුවා මිහිදන් කරලා දාල යනවා කියල. එහෙම හිතලා අයිතිකාරයා වළට පස් දාන්න ගත්තා. දාන පස් දැන් බූරුවා ගේ ඇඟේත් වදිනවා. ටික වෙලාවක් පස් දානකොට වළ ටික ටික පිරෙන්න…
Read More