ලෝක ළමා දිනය නිමිත්තෙනි!

චාල්ස් දයානන්ද විසිනි

තුනයි + තුනයි = තිස්තුන…

        කුඩා දරුවන්ගේ විචක්ෂණ බුද්ධිය පිලිබදව කදිම උදාහරණයක් දැක්වෙන චිත්‍රයක් මීට වසර ගනනකට පෙර දැකගන්නට ලැබුනි.

          වසර කීපයකට පෙර ජාතික ළමා අධිකාරිය විසින් ලෝක ළමා දිනය වෙනුවෙන්  පැවැත්වූ ළමා චිත්‍ර තරගයක් විනිශ්චය කිරීමට අපි සහභාගි වුනෙමු. චිත්‍ර සදහා මාතෘකාව ලෙස ප්‍රකාශ කර තිබුනේ ” වැඩිහිටියනි..අපටත් සවන් දෙන්න “..යන්නයි. මෙය ඉතා හොඳ මාතෘකාවක් බව අපටද පෙනුනි. එමගින් වැඩිහිටියන් වෙත තම අදහස් නොබියව ඉදිරිපත් කරන්න අවස්ථාව දී තිබුනි. දරුවෝ අපූරු නිර්මාණ එවා තිබුනි.

          අප ප්‍රාථමික අංශයේ ප්‍රතම ස්ථානය දුන්නේ පෙරපාසල් දරුවකුගේ ඉතා සුන්දර නිර්මාණයකටයි….එහි මාතෘකාව ” අම්මේ මම තනියම නාන්නද “..යන්නයි ….ඇගේ බරපතළ ඉල්ලීම වන්නේ තනියම නෑමේ නිදහසයි.

           තවත් අපූරු අභියෝගාත්මක චිත්‍රයක් ඊලග කාන්ඩයේ තිබුනි .ලොකුවට 3+3 යොදා පිලිතුර ලෙස 33 ඇද ඊට යටින් ගුරුවරයෙක් වේවැලකින් ලමයකුට පහර දෙනු ඇද තිබුනි.

           මෙය අප සියලු දෙනාම අලුත් සිතීමකට යොමුකරන්නක් විය. මේ දරුවා අපේ සම්ප්‍රදායික සිතීමට අභියෝග කරයි. ගණිතයේදී පිලිතුර තිස්තුන වුවත් ඊට වෙනස් පිලිතුරු වලට ඉඩක් නැද්ද යයි ඔහු අපෙන් නිහඬව අසයි. සම්ප්‍රදායික සිතීමට වඩා වෙනස් ලෙස සිතන්නට තමන්ට ඉඩ දෙන ලෙස මේ දරුවා අපෙන් ඉල්ලා සිටී….දරුවන් කෙතරම් නිර්මාණ ශීලීද…විමර්ශන ශිලීද..මේ අපුරු දරුවන් නොමරා රැක ගැනීම ලෝක ළමා දිනයේ පැතුම විය යුතුය යන්න අපගේ පැතුමයි…!!

චාල්ස් දයානන්ද

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *