Month: September 2021

අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි.

අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනයයි.

Wijayananda Jayaweera සිය මුහුණත් පිටුවේ තබන ලද සටහනකි අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්ජාතර දිනයයි. වසර පහකට පෙර තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව පොදු අධිකාරි සතුව ඇති ඕනෑම තොරතුරක් "2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ" නියම කරන ලද ආකාරයට ලබා ගැනීමේ අයිතිය අපට තිබේ. එහෙත් මේ නීතිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ පොදු අධිකාරි විසින් එසේ ඉල්ලන තොරතුරු නිසි පරිදි ලබාදෙන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින තොරතුරු කොමිසමේ කල්කිරියාව හා ස්වාධීනත්වය අනුවය. මෙතෙක් ඒ කටයුත්ත සතුටුදායකව ඉටු කෙරුණේ කොමිසමට පත්ව සිටි සාමාජිකයන් පස්දෙනා සිය කටයුතු වෘත්තීය ස්වාධීනත්වයකින් හා අදීන…
Read More
බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය

බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය

ජගත් ගුණවර්ධන විසිනි Wandering Glider/ Globe Skimmer (Pantala flavescens) බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය (Panmixia / Panmicticism) යම්කිසි සත්ව විශේශයක වෙනස් ජනගහන සියල්ලේම සාමාජිකයන්ට එකිනෙකා අතර ප්රsජනනය වීමේ ඉඩකඩක් පැවතීම හෙවත්,ඔවුන්ගේ එක් ගහනයක සාමාජික සියල්ලන්ටම තවත් ඕනෑම ගහනයක විරුද්ධ ලිංගිකයෙකු සමඟ එක්වීමේ ඉඩකඩක් තිබීම හෙවත් විභවයක් තිබීම සාර්වමිශ්රිතතතාවය (Panmixia / Panmicticism) ලෙස හඳුන්වනු ලබයි. මෙවන් විශේශයන් සැමවිටම එක් අඛන්ඩ භූගෝලීය​ කලාපයක සිටීම හෝ ඉතා හොඳින් සංචරනය වීමේ ඉඩකඩක් සහ හැකියාවක් සහිත වීම විශේශත්වයකි.එමෙන්ම,මෙයාකාරයෙන් සියලු ගහනයන්හි සාමාජිකයන්ට වෙනස් ගහනයන් සමඟ මිශ්ර වීමේ ඉඩකඩ නිසාවෙන් මොවුන් තුල ජනගහනයන් අතර වෙනස්කම් හෝ උප-විශේශ හෝ පැවතීමට ඉඩකඩක් නොමැති වීමත් විශේශතම ලක්ශනයක් වේ. සාර්වමිශ්රිතතාවය සත්ව ලෝකයේ…
Read More
ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !<br>අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !
අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

පුවත්පත් නිවේදනය 2021 සැප්තැම්බර් 28 පුවත්පත් නිවේදනය ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු ! පසුගිය කාලය තුළ රජය විසින් නිදහස් අධ්‍යපානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සුදානම් වු කොතලාවල පනතට එරෙහිව අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය සමිති, බහුජන සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණ හා ගුරු සංගම් විසින් ඒකාබද්ධව කරගෙන ගිය ඔවුන්ගේ වෘත්තීය සටන මර්ධනය කිරීම සඳහා රජය විසින් දරුණු මර්ධනයක් දියත් කර ඇත. අගෝස්තු මස 03 වන දින කොතලාවල පනතට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත,…
Read More
ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

රාජිනි තිරාණගම අනුස්මරණ සංගමය සහජීවනය උදෙසා වන යාපනය ජනතා සංගමය සමඟ ඒක්ව සංවිධානය කරන සැමරුම් දේශනය 2021 ඔක්තෝබර් 02 සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙම වැඩ සටහන සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම පැවැත්වෙන අතර සූම් ID: 970 2457 3102 මගින් ඔබට සහභාගි විය හැක.
Read More
මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

Kusumsiri Wijayawardena අප රටේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලින් හමුවී ඇත්තේ මධ්‍ය ශිලා යුග හෙවත් මෙසොලිතික යුගයේ මානවයන් ගැන (බලංගො මානවයා) සාධකයි. ඊට වෙනස් මානව සාක්ෂි හමුවූ තැනක් විදිහට දොරවක ලෙන සලකන්න පුළුවන්. බලංගොඩ මානවයාගේ තරමක් දියුණු සාධකයි එහිදී මතුවී තිබෙන්නේ. මෙම ලෙනෙන් හමුවූ ඇතා සහ පැටියා දැක්වෙන චිත්‍රයත් ලොව පුරා අවධානයට ලක්වූ ප්‍රාථමික සිත්තමක්. මෙහි ජීවත්වී ඇත්තේ සංචාරක දඩයම් ජීවිතයෙන් මිදී ස්ථිර වාසස්ථානවල බෝග වගාවකට හුරුවූ පිරිසක් බව අනුමාන කෙරෙනවා. ලෙන පිහිටි පර්වතය ඈතට- magadige.blogspot.com ගමන් මඟ කොළඹ- නුවර පාරේ වරකාපොළ නගරයෙන් ගලපිටමඩ පාරට හැරී කි. මී. 7ක් ගමන් කරන විට ගනේගම හමුවෙනවා. එතැනින් හැරී  ඒබිඩිගල ගම හරහා  දිවෙන…
Read More
කෙටි, ස්ථූල ශරීරයක් සහිත බත්කූරන්…

කෙටි, ස්ථූල ශරීරයක් සහිත බත්කූරන්…

Elusive Adjutant (Aethriamanata brevipennis)--Male කෙටි,ස්ථූල ශරීරයක් සහිත වීම නිසා අනෙකුත් සියලු බත්කූරන්ට වඩා වෙනස් ශරීර හැඩයෙන් මේ විශේශය හඳුනාගත හැක​. මේ විශේශයේ උදරය කෙටි,පලල් සහ පාර්ශ්විකව සම්පීඩනය වී තිබේ. මෙම ලාක්ශනික උදර හැඩය සහ සාපේක්ශව කෙටි සහ ස්ථූල ස්වරූපය​ නිසා මෙම විශේශය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිවේ. පිරිමි සතාගේ හිස සහ උරස කලු පාටින් යුතුය​. පියාපත්වල මුල කොටසේ දුඹුරු පාට පැල්ලමක්ද තිබේ. උදරය සම්පූර්නයෙන්ම දීප්තිමත් තද රතු පාටින් යුතු අතර ඒ දීප්තිමත් තද රතු නිසා මෙන්ම ඊට යාබදව තිබෙන​ කලු පාට හිස සහ උදරයත් නිසා ඉතා ප්‍රකටව දිස්වේ. මේ විශේශයේ තිබෙන තවත් විශේශිත ලක්ශනයක් වන්නේ පසු පාදවල ඉහලින් තිබෙන​  සන්ධියේ පිටුපස…
Read More
එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-)  සංවිධානය, ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමේ ලංකා ජනාධිපතිවරයාගේ සැලැස්ම සාදරයෙන් පිළිගනී!

එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-) සංවිධානය, ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමේ ලංකා ජනාධිපතිවරයාගේ සැලැස්ම සාදරයෙන් පිළිගනී!

මාධ්‍ය නිවේදනයයි 2021 සැප්තැම්බර් 25 ශ්‍රී ලාංකික ප්‍ර‍වාසිකයන් (විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්) සමඟ සංවාදයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL - The Non Resident Tamils of Sri Lanka-) සාදරයෙන් පිළිගනී. සැප්තැම්බර් 19 වන දින නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හමුවූ විට ඔහු තරයේ ප්‍ර‍කාශකර සිටියේ "දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කරන" බවයි. ශ්‍රී ලංකාව විසින් බහුවිධ අභියෝග වලට මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ඒවා ජය ගැනීම සඳහා බහුවිධ ප්‍රවේශයන් අවශ්‍යවී ඇති මොහොතක, ඩයස්පෝරාව සමඟ සබඳතා පැවැත්වීම විශේෂයෙන් වැදගත් වේ. රටේ සමාජ ආර්ථික ප්‍රගමනය ශක්තිමත් කිරීම සඳහා…
Read More
ඔබ සොබාදහම මිරිකන විට<br>ඔබද මිරිකෙනු ඇත …

ඔබ සොබාදහම මිරිකන විට
ඔබද මිරිකෙනු ඇත …

චාල්ස් දයානන්ද විසිනි වසංගතය අපටසොබාදහම හැර වෙනත්විශ්ව බලයක්,සර්ව බලධාරියෙක් නැති බවඋගන්වමින් සිටී ... සොබාදහම මිරිකා අනේකවිධභාණ්ඩ ඔබට සෑදිය හැක..ඒත් ඔබට ..සොබාදහම පරදාමරණය ජයගත නොහැක ..වියපත් වීම නැවතිය හැකිඔසුවක් නිපදවිය නොහැක .. ඔබට හැක්කේසොබාදහම තලා පොඩිකරභාණ්ඩ නිපදවීමත්,මිත්‍යාව විකුණාමුදල් පොදිගැසීමත් පමණි. ඔබ සොබාදහම මිරිකන විටඔබද මිරිකෙනු ඇත ... හිරුඑළිය ,මහපොළොව ,තුරුලිය ,සතාසීපාවා ,දියබිඳ, හුස්ම පොද...එකම ජීව ක්‍රියාවලියක් බවමතක තබාගනු සබඳ..! එකම විශ්ව ශක්තියඑය පමණි ...!!! චාල්ස් දයානන්ද
Read More
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම

වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම

2021 සැප්තැම්බර් 21 දින ගරු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහෙවර පියස 151 කිරුල පාර කොළඹ 5. ඇමතිතුමනි වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ සේවකයින් 16 දෙනෙකු නැවත සේවයේ පිහිටුවීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලීම එක්සත් කම්කරු සම්මේලනයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන වාණිජ හා කාර්මික සේවක සංගමය විසින් 2021 අගෝස්තු 20 වන දින වතුපිටිවල ඒටීජී ග්ලවුස් නිටිං ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ  වෘත්තීය සමිති ශාඛාවක් පිහිටවූ බව ඔබ දන්නා කාරණයකි. වාණිජ හා කාර්මික සේවක සංගමය, මෙම ශාඛා සංගමය පිහිටුවීම පිළිබඳව සමාගමට දැනුම් දුන් විගස සමාගම විසින් දින 4 ක කාලයක් තුළදී සංගමයේ සාමාජිකයින් 16 දෙනෙකු සේවයෙන්…
Read More