එඬේර කොකා / ගව කොකා / Cattle Egret— සංක්‍රමනික ගහනයේ පැමිනීම​…

ජගත් ගුණවර්ධන විසිනි

මෙරට හමුවන සුදු කොක් (Egrets) විශේශ හතරෙන් කුඩාතමයා වන එඬේර කොකාගේ මෙරට හමුවන ගහනයට සෑම වසකම අගදී විශාල සංක්‍රමනික ගහනයක් එකතුවේ.මවිසින් කලක් පුරා කරමින් තිබෙන නිරීක්ශනයන්ට අනුව මේ සංක්‍රමනික එඬේර කොක් ගහනය නේවාසික ගහනය මෙන් කිහිප ගුනයකින් වැඩිය​.
නමුත්,නිතර දකින් නිසා බොහෝ දෙනා කල්පනාවෙන් නොබලන හෙයින් මඟහැරී ගොස් තිබූ එඬේර කොකාගේ සංක්‍රමනය මවිසින් මෙන්ම​,ස්වාධීනව තවත් අධ්‍යයනයක යෙදුනු දීපාල් වරකාගොඩ මහතාගේත් අදහස විය​. ඒ අනුව පසුගිය දශකයේ අප දෙදෙනාම කල අඛන්ඩ නිරීක්ශන මෙය තව තවත් තහවුරු කරන්නක් විය​.

එඬේර කොකාගේ සංක්‍රමනික ගහනය මෙරටට සාමාන්‍යයෙන් එලඹෙන්නේ ඔක්තෝම්බර් මස මැද භාගයේ සිට නොවැඹර් මස තෙක් කාලයේදීය​.මෙවරත් එම සංක්‍රමනය මේ දිනවල මුල් අවස්ථාවේ පවතී.ඒ අනුව තව සති 2-3 පමන ගිය රටේ බොහෝ නගරවල පවා එඬේර කොකුන් සුලභව දකින්නට ලැබෙනු නිසැකය​.මෙසේ බොහෝ නාගරික ප්‍රදේශවල හමුවන එඬේර කොකුන් සංක්‍රමනික ගහනයේ සාමාජිකයන් වේ.ඔවුන් ජනාකීර්න ස්ථානවල පවා මිනිසුන් කෙරේ නොබියව සැරිසරනු දැකිය හැකිවනු ඇත​.

සාපේක්ශව කෙටි ගෙලක් සහ කෙටි කහ පාට හොටයක් සහිත එඬේර කොකා හෙවත් ගව කොකා ප්‍රධාන වශයෙන් කෘමින් සහ කුඩා භෞමික සතුන් මත යැපෙන්නෙකි.මේ නිසා ඔවුන් විවෘත තෘනභූමි සහ තෙත්බිම්වල මෙන්ම විවෘත කසල ගොඩවල් වැනි ස්ථානවලත් ගැවසේ.ගවයන් ඇසුරේ සිටිමින්,ඔවුන් ගමන් කිරීමේදී ප්ලායන සතුන් ගොදුරුකර ගන්නා චර්‍යාව නිසා මෙම පක්ශ්‍යාට ගව කොකා,හරක් කොකා සහ එඬේර කොකා යන සිංහල නාමයන් මෙන්ම Cattle Egret යන ඉංග්‍රීසි නමත් ලැබීමට හේතුව වී තිබේ.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *