දේශපාලන

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

sarathkella - මැයි 18 Originally From: https://thathu.com/2022/05/18/ලෝකයේ-ප්රධාන-භෝග-වලින්-ව/ ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන අරමුණු සඳහා බව අධයනයක් හෙළි කරයි  මනුෂයයන් විසින් වගා කරනු ලබන වැදගත් භෝග බොහොමයක් වෙනුවෙන් තිබෙන  තරඟකාරිත්වය වැඩිවෙමින් පවති. මේ හේතුවෙන් සිදුවන්නේ ඒවා සෘජුවම මිනිසුන් පෝෂණය කිරීම වෙනුවට එන්ට එන්ටම වඩ වඩා වෙනත් භාවිතයන් සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමයි.  ජෛව ඉන්ධන(biofuels) සෑදීම; පශු ආහාර, හයිඩ්‍රජනීකෘත තෙල් සහ පිෂ්ඨය වැනි සැකසුම් අමුද්‍රව්‍ය බවට භෝග පරිවර්තනය කිරීම; සහ මුදල් ගෙවා ඒවා ලබා ගත හැකි රටවලට ගෝලීය වෙළෙඳපොළේ ඒවා විකිණීම මෙම තරඟකාරී භාවිතයන් අතරවේ. මෑතක ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ…
Read More
නව ලිබරල්වාදයේ ආගමනය

නව ලිබරල්වාදයේ ආගමනය

Jaya Pathmapani -May 18 Originally From: https://jayavoice.com/2022/05/18/නව-ලිබරල්වාදයේ-ආගමනය/ ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ  තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. ඒ අනුව ස්වාර්ථය තකා කටයුතු කරන පුරවැසියන්ගේ ආර්ථික…
Read More
ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

විජේපාල වීරකෝන් විසිනි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයකය. රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී පවතී. භාණ්ඩ මිල පාලනය සහ නිෂ්පාදනය සම්පූර්‍ණයෙන්ම පාහේ පවතින්නේ ජාවාරම්කරුවන් අතේය. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්නා සෑම පියවරයකටම විරුද්ධව ජාවාරම්කරුවන් එම භාණ්ඩ වෙළඳපොලෙන් අතුරුදන් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා මාර්‍ගය හා සමානුපාතිකව රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ගෑස් මිල ඉහල දැමුවේ දෙගුණයකිනි. සහල්, සීනි, කිරි පිටි, පාන් පිටි, සිමෙන්ති ආදී ද්‍රව්‍යවල මිල ඉහල ගියේ ඉතා විශාල ප්‍රමාණයකිනි.  මෙම කාලය තුල වැඩ කරන ජනතාවගේ වැටුප ශතයකින්වත් වැඩි නොවුනි. ඩොලර් නොමැතිකම නිසා ආණ්ඩුව පොහොර ආනයනය නවතා දැමුවේ රසායනික පොහොර ජනතාවට අහිතකර බව පවසමිනි.…
Read More
විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

විමර්ශනාත්මක මාධ්‍යවේදීන් අත්හළ පැන්ඩෝරා බෝම්බය!

Republished From: https://roar.media/sinhala/main/trending/the-pandora-cluster Milan Perera 7 Oct 2021 ග්‍රීක මිත්‍යා කතා අනුව පැන්ඩෝරා යනු දෙවියන් මැවූ එක්තරා කාන්තාවක්. ඇය සතු ව දෙවියන් ලබා දුන් පෙට්ටියක් හෝ භාජනයක් වැනි දෙයක් තිබුණා. සාමාන්‍ය ව්‍යවහාරයේදී එය "පැන්ඩෝරා පෙට්ටිය" ලෙස හඳුන්වනවා. පෙට්ටිය කිසිදා විවෘත නොකරන ලෙස දෙවියන් පැන්ඩෝරාට උපදෙස් ලබා දී තිබුණා. එහෙත්, කුතුහලයෙන් මිරිකුණු පැන්ඩෝරා, පෙට්ටිය විවෘත කළා. සැණෙකින් පෙට්ටිය තුළ සිර වී සිටි යක්ෂ ආත්ම සියල්ල ම ලෝකයට නිදහස් වුණා. බියට පත් වූ පැන්ඩෝරා වහා ම පෙට්ටිය වසා දැමූ හෙයින්, එක්තරා දෙයකට පෙට්ටියෙන් එළියට එන්න හැකි වුණේ නැහැ. පැන්ඩෝරා පෙට්ටිය යළි විවෘත වෙයි!   සැබෑ යක්ෂයන් සදාකාලිකව ම පැන්ඩෝරා පෙට්ටියක සැඟ ව…
Read More
ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !<br>අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !
අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

පුවත්පත් නිවේදනය 2021 සැප්තැම්බර් 28 පුවත්පත් නිවේදනය ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු ! පසුගිය කාලය තුළ රජය විසින් නිදහස් අධ්‍යපානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සුදානම් වු කොතලාවල පනතට එරෙහිව අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය සමිති, බහුජන සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණ හා ගුරු සංගම් විසින් ඒකාබද්ධව කරගෙන ගිය ඔවුන්ගේ වෘත්තීය සටන මර්ධනය කිරීම සඳහා රජය විසින් දරුණු මර්ධනයක් දියත් කර ඇත. අගෝස්තු මස 03 වන දින කොතලාවල පනතට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත,…
Read More
එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-)  සංවිධානය, ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමේ ලංකා ජනාධිපතිවරයාගේ සැලැස්ම සාදරයෙන් පිළිගනී!

එක්සත් රාජධානිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL – The Non Resident Tamils of Sri Lanka-) සංවිධානය, ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කිරීමේ ලංකා ජනාධිපතිවරයාගේ සැලැස්ම සාදරයෙන් පිළිගනී!

මාධ්‍ය නිවේදනයයි 2021 සැප්තැම්බර් 25 ශ්‍රී ලාංකික ප්‍ර‍වාසිකයන් (විදේශයන්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන්) සමඟ සංවාදයක් ආරම්භ කිරීමට තමන් සූදානම් බව අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ගරු ජනාධිපතිතුමා කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවේ අනේවාසික දෙමළ ජනතාව (NRT-SL - The Non Resident Tamils of Sri Lanka-) සාදරයෙන් පිළිගනී. සැප්තැම්බර් 19 වන දින නිව්යෝර්ක්හිදී එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් හමුවූ විට ඔහු තරයේ ප්‍ර‍කාශකර සිටියේ "දෙමළ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ආරාධනා කරන" බවයි. ශ්‍රී ලංකාව විසින් බහුවිධ අභියෝග වලට මුහුණ දී ඇති මෙම අවස්ථාවේදී ඒවා ජය ගැනීම සඳහා බහුවිධ ප්‍රවේශයන් අවශ්‍යවී ඇති මොහොතක, ඩයස්පෝරාව සමඟ සබඳතා පැවැත්වීම විශේෂයෙන් වැදගත් වේ. රටේ සමාජ ආර්ථික ප්‍රගමනය ශක්තිමත් කිරීම සඳහා…
Read More