Politics

නව ලිබරල්වාදයේ ආගමනය

නව ලිබරල්වාදයේ ආගමනය

Jaya Pathmapani -May 18 Originally From: https://jayavoice.com/2022/05/18/නව-ලිබරල්වාදයේ-ආගමනය/ ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ  තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. ඒ අනුව ස්වාර්ථය තකා කටයුතු කරන පුරවැසියන්ගේ ආර්ථික…
Read More