ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

sarathkella – මැයි 18

Originally From: https://thathu.com/2022/05/18/ලෝකයේ-ප්රධාන-භෝග-වලින්-ව/

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන අරමුණු සඳහා බව අධයනයක් හෙළි කරයි

 මනුෂයයන් විසින් වගා කරනු ලබන වැදගත් භෝග බොහොමයක් වෙනුවෙන් තිබෙන  තරඟකාරිත්වය වැඩිවෙමින් පවති. මේ හේතුවෙන් සිදුවන්නේ ඒවා සෘජුවම මිනිසුන් පෝෂණය කිරීම වෙනුවට එන්ට එන්ටම වඩ වඩා වෙනත් භාවිතයන් සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමයි.  ජෛව ඉන්ධන(biofuels) සෑදීම; පශු ආහාර, හයිඩ්‍රජනීකෘත තෙල් සහ පිෂ්ඨය වැනි සැකසුම් අමුද්‍රව්‍ය බවට භෝග පරිවර්තනය කිරීම; සහ මුදල් ගෙවා ඒවා ලබා ගත හැකි රටවලට ගෝලීය වෙළෙඳපොළේ ඒවා විකිණීම මෙම තරඟකාරී භාවිතයන් අතරවේ.

මෑතක ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ ප්‍රධාන භෝග 10 ක  ගෝලීය අස්වැන්නෙන් 1960 ගණන්වල 51% ක් පමණ  ඒවා නිෂ්පාදනය කරන ලද රටවල ආහාර ලෙස සෘජුවම පරිභෝජනය කළ හැකිවූ අතර එම් ප්‍රමානය ප්‍රතිශතයක් ලෙස 2030 දී 29% ක් පමණක් වීමට ඉඩ ඇති බවයි.  ලොව ඉහළම තිරසාර සංවර්ධන ඉලක්කයක් වන ‘2030 වන විට කුසගින්න නිමා කිරීම’ මෙම ප්‍රවණතාවය හේතුවෙන් සාක්ෂාත් කර ගැනීමට අපහසු බව ද පර්යේෂකයෝ ප්‍රක්ෂේපණය කරති. .

2030 දී මෙම භෝගවල අස්වැන්නෙන් තවත් 16% ක් පශු සම්පත සඳහා ආහාර ලෙස භාවිතා කරනු ඇති අතර, සැකසීමට භාජනය කාරනු ලබන බෝගවල සැලකිය යුතු කොටස් ද භාවිතා කෙරේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අවසානයේ බිත්තර, මස් සහ කිරි නිෂ්පාදනයට යොමුවීමයි: මේවා අනුභවයට ගනු ලබන්නේ සාමාන්‍යයෙන් මන්දපෝෂණයෙන් පෙළෙන අයට වඩා මධ්‍යම සහ ඉහළ ආදායම්ලාභීන් විසිනි.  දුප්පත් රටවල ජනතාවගේ ආහාර වේල සමන්විත වන්නේ  සහල්, ඉරිඟු, පාන් සහ එළවළු තෙල් ආදී ප්‍රධාන(staple) ආහාර වලිනි.

පර්යේෂකයන්ගෙ අවධානය යොමු කෙරුණු  භෝගවලින් – බාර්ලි, මඤ්ඤොක්කා, බඩ ඉරිඟු (ඉරිඟු), ක‍ටු පොල්(oil palm), රැප්සීඩ් (කැනෝලා), සහල්, ඉදල් ඉරිඟු, සෝයා බෝංචි, උක් සහ තිරිඟු එකතුව ගත් කල  අස්වනු නෙළන ලද භෝගවලින් ලැබෙන කැලරි ප්‍රමාණයෙන් 80% කට වඩා වැඩිය. අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ 1960 ගණන් සහ 2010 ගණන් අතර මෙම භෝග වල කැලරි නිෂ්පාදනය 200% කට වඩා වැඩි වූ බවයි.

කෙසේ වෙතත්, අද වන විට, සැකසුම්, අපනයන සහ කාර්මික භාවිතය සඳහා බෝග අස්වැන්න බ් හාවිතය බෙහෙවින්ඉහළ යමින් පවතී.  පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ 2030 වන විට සැකසීම, අපනයනය සහ කාර්මික භාවිතයට ගන්නා භෝග ලොව පුරා අස්වනු නෙලන කැලරි වලින් 50%කට වගකියනු  ඇති බවයි.  සත්ව ආහාර ලෙස භාවිතා කරන භෝගවල අන්තර්ගතව ඇති කැලරි එකතු කළ විට, පර්යේෂකයන් ගණනය කරන්නේ 2030 වන විට, මෙම මූලික භෝග 10 න් අස්වනු නෙළන ලද කැලරි වලින් 70% ක් කුසගින්නෙන් පෙළෙන පුද්ගලයින්ට කෙලින්ම පෝෂණය කිරීම වෙනුවට වෙනත් භාවිතයන් සඳහා යවනු ඇති බවයි.

1960 ගණන්වල සිට 2010 දශකය දක්වා ප්‍රධාන ආහාර භෝග 10ක භාවිතය වෙනස් වූ ආකාරය මෙම සිතියම් දෙකෙන් දැක්වේ. නිල් සහ කොළ සිට රතු සහ දම් දක්වා වෙනස්කම් දක්වන ප්‍රදේශවල, ආහාර සැකසීම, අපනයනය සහ කාර්මික භාවිතය (‘වෙනත්’ ලෙස ලේබල් කර ඇත) සඳහා බෝග වැඩි වැඩියෙන් භාවිතා වේ. [හෙක්ටයාර් එකක් යනු අක්කර 2.5 ක් පමණ වේ].

දුප්පතුන්ට නොව ධනවතුන්ට සේවය කිරීම

මෙම ගැඹුරු වෙනස්කම් පෙන්නුම් කරන්නේ කෘෂිකර්මය සහ කෘෂි ව්‍යාපාර ගෝලීය මධ්‍යම පන්තියේ වර්ධනයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද සහ කොතැනද යන්නයි. ආදායම වැඩි වන විට, මිනිස්සු වැඩිපුර සත්ව නිෂ්පාදන සහ (පහසුව දනවන) සැකසූ ආහාර ඉල්ලා සිටිති. එපමණක් ද නොව ශාක පදනම් වූ අමුද්‍රව්‍ය අඩංගු කාර්මික නිෂ්පාදන ද භාවිතා කරයි ජෛව ඉන්ධන, ජෛව ප්ලාස්ටික් සහ ඖෂධ ඔවුහු වැඩි වැඩියෙන් භාවිතයට පෙළඹෙති.

අපනයනය, සැකසීම සහ කාර්මික භාවිතය සඳහා වගා කරන බොහෝ භෝග, ඉහත විග්‍රහයේ දැක්වුණු ප්‍රධාන භෝග 10 න් විශේෂයෙන් අභිජනනය කරන ලද ප්‍රභේද වේ. උදාහරණයක් වශයෙන්, එක්සත් ජනපදයේ වගා කරන බඩ ඉරිඟු වලින්  ජනයා නැවුම්, ශීත කළ හෝ ටින් කළ ආහාර ලෙස අනුභවයට ගන්නා ‘මිහිරි බඩ ඉරිඟු’ ලෙස ප්‍රචලිත වර්ගය හුදෙක් 1% ක් පමණ සුළු ප්‍රමානයකි. ඉතිරිය වැඩිකොටම සතව ආහාර සහ  වෙළඳපොල වෙත නිපදවෙන ක්ෂේත්‍ර බඩ ඉරිඟු වන අතර එය ජෛව ඉන්ධන, සත්ව ආහාර සහ ආහාර ආකලන(food additives) නිෂ්පාදනය සඳහා යොදා ගනු ලැබේ.

මෙම භාවිතයන් සඳහා වගා කරන භෝග, කෙළින්ම ආහාරයට ගන්නා භෝගවලට වඩා සෑම භූමි ඒකකයකට වැඩි කැලරි ප්‍රමාණයක් නිපදවන අතර එම පරතරය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙම අධ්‍යයනයේ දී පර්යේෂකයන් විසින් ගණනය කරණු ලැබුවේ, කෙළින්ම ආහාර පරිභෝජනය සඳහා වගා කෙරෙන භ්ජෝගවලින් නිපදවනවාට වඩා කාර්මික භාවිතයට ගන්නා භෝග  කැලරි දෙගුණයක් කැලරි ලබා දෙන අතර ඒවායේ අස්වැන්න 2.5 ගුණයකින් වේගයෙන් වැඩි වන බවයි.

භෝග සැකසීමෙන් ඉඩම් ඒකකයකට ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය ආහාර බෝග මෙන් දෙගුණයක් වන අතර එය ආහාර භෝග අනුපාතය මෙන් 1.8 ගුණයකින් වැඩි වේ. අඩුම අස්වැන්නක් ලැබෙන්නේ කෙළින්ම ආහාර පරිභෝජනය සඳහා අස්වැන්න ගන්නා භෝගවලින්ය.

සාගින්නෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ආහාර භෝග වැඩි වැඩියෙන් වගා කරන්න

ලොව කුසගින්න අඩු කිරීමෙහි ලා මෙයින් අදහස් කරන්නේ කුමක්ද? 2030 වන විට  (වැඩිවෙතැයි) ප්‍රක්ෂේපිත ලෝක ජනගහනය පෝෂණය කිරීම සඳහා ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් සපයා ගනු  හැකි වෙතැයි පර්යේෂකයෝ ඇස්තමේන්තු කරති. එනමුත් එය, සෘජු ආහාර පරිභෝජනය සඳහා එම බෝග බොහොමයක් භාවිතා නොකරනු ඇත.

පර්යේෂකයන්ගේ විශ්ලේෂණයට අනුව, රටවල් 48 ක් ඔවුන්ගේ ජනගහනය පෝෂණය කිරීම සඳහා ඔවුන්ගේ දේශසීමා තුළ ප්‍රමාණවත් අයුරින් කැලරි නිෂ්පාදනය නොකරනු ඇත. මෙම රටවල් බොහොමයක් පිහිටා ඇත්තේ උප සහරා අප්‍රිකාවේය, කෙසේවෙතත්, එම රටවල් අතරට ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය වැනි ආසියාතික රටවල් ද හයිටි වැනි කැරිබියන් රටවල් ද ඇතුළත් ය.

රටේ ජනතාව අතුරෙන් බොහොමයක් මන්දපෝෂණයෙන් පෙළෙන රටවල ආහාර භෝගවල ඵලදායිතාව වැඩි කිරීම පිණිස විද්යාඥයන් සහ කෘෂිකාර්මික විශේෂඥයන් කටයුතු කර තිබේ. එනමුත් මෙතෙක් ලබා ඇති ප්‍රගතිය ප්‍රමාණවත් නොවේ. තව තවත් ආහාර බෝග වගා කිරීමට ධනවත් ජාතීන්ට ඒත්තු ගැන්වීමට සහ එම අතිරේක නිමැවුම මන්දපෝෂණයෙන් පෙළෙන රටවලටයොමු කිරීම පිණිස  ක්‍රම තිබිය හැකි නමුත් මෙය කෙටිකාලීන විසඳුමක් වනු ඇත.

මෙම අධ්ජ්‍යනයට සම්බන්ධ පර්යේෂකයින්  විශ්වාස කරන්නේ  ආහාර අතින් අනාරක්ෂිත රටවල ආහාර ලෙස සෘජුවම භාවිතා කරන ආහාර බෝග වැඩියෙන් වගා කිරීම සහ ඒවායේ අස්වැන්න වැඩි කිරීමය පුළුල් ඉලක්කය විය යුතු බවයි. ‘දරිද්‍රතාවය තුරන් කිරීම’ නම් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කය ද  තමරටෙහි අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කළ නොහැකි රටවලට පිටස්තර වෙනත් සැපයුම්කරුවන්ගෙන් ආහාර ආනයනය කිරීමට ද හැකියාව රුකුලක් වනු ඇත. ලෝකයේ මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරන්නේ නම්, කුසගින්න තුරන් කිරීම හුදෙක් දුරස්ථ ඉලක්කයක්ම වනු නියතය.

The Conversation(May 13th, 2022) හි පළවන A shrinking fraction of the world’s major crops goes to feed the hungry, with more used for nonfood purposes  යන ලිපිය අසුරෙනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *