විශේෂාංග

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

sarathkella - මැයි 18 Originally From: https://thathu.com/2022/05/18/ලෝකයේ-ප්රධාන-භෝග-වලින්-ව/ ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන අරමුණු සඳහා බව අධයනයක් හෙළි කරයි  මනුෂයයන් විසින් වගා කරනු ලබන වැදගත් භෝග බොහොමයක් වෙනුවෙන් තිබෙන  තරඟකාරිත්වය වැඩිවෙමින් පවති. මේ හේතුවෙන් සිදුවන්නේ ඒවා සෘජුවම මිනිසුන් පෝෂණය කිරීම වෙනුවට එන්ට එන්ටම වඩ වඩා වෙනත් භාවිතයන් සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමයි.  ජෛව ඉන්ධන(biofuels) සෑදීම; පශු ආහාර, හයිඩ්‍රජනීකෘත තෙල් සහ පිෂ්ඨය වැනි සැකසුම් අමුද්‍රව්‍ය බවට භෝග පරිවර්තනය කිරීම; සහ මුදල් ගෙවා ඒවා ලබා ගත හැකි රටවලට ගෝලීය වෙළෙඳපොළේ ඒවා විකිණීම මෙම තරඟකාරී භාවිතයන් අතරවේ. මෑතක ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ…
Read More
නව ලිබරල්වාදයේ ආගමනය

නව ලිබරල්වාදයේ ආගමනය

Jaya Pathmapani -May 18 Originally From: https://jayavoice.com/2022/05/18/නව-ලිබරල්වාදයේ-ආගමනය/ ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ  තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. ඒ අනුව ස්වාර්ථය තකා කටයුතු කරන පුරවැසියන්ගේ ආර්ථික…
Read More
උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින් ඉදිරියෙන් ඉදිරියට යන මොහොතක, අපි “ජාතික” මට්ටමේම වූද, ඉතිහාස රෝදය…
Read More
අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!

අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි!

අධිකරණ ඇමති 2022 පෙබරවාරි මස 01 වන දින.ජාතික කම්කරු උපදේශක සභා වෘත්තීය සමිති ඒකාබද්ධ නිවේදනය අධිකරණ ඇමතිවරයාගේ අධිකාරවාදී ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයකි! මේ රට ඉදිරියට ගෙන යාමට යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පසුගිය 27 වන දින, විද්‍යුත් මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදී විසඳුම් වශයෙන් යෝජනා කෙරුවේ මූලික සේවක අයිතිවාසිකම් අහෝසි කිරීමට ය.ඔහුගේ නිර්ලජ්ජී යෝජනාව වූයේ වරාය, තෙල් සංස්ථාව, විදුලිය, ජල සැපයුම් හා වෛද්‍ය ක්ෂේත්‍රවල වැඩ වර්ජන අයිතිය නීත්‍යානුකූලව අහෝසි කිරීමය. එය ව්‍යවස්ථාව මගින් අහෝසි කිරීම වඩා උචිත යැයි ඔහු කීවේය. පොලීසියට හා හමුදාවට ඒ අයිතිවාසිකම් නොමැති බැව් ඔහු කීවේ, ඔහුගේ යෝජනාවට හේතු වශයෙනි. එසේ නොකරන්නේ නම්, ඔහුගේ විකල්පය වන්නේ වර්ජනයක් ඇතිවිට…
Read More
මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව 2021/12/10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කොටගෙන ඉදිරිපත් කරයි! 1986 වසරේ මැයි පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’ ප්‍රසංගය ඉදීරිපත් කළ මහජන වේදිකාව වූ කලී තරුණ සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන් ක්‍රියාත්මක වූහ. මෙම ඓතිහාසික ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා සංගීත, රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්‍රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා සිය දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම දැවන්ත කාර්යය සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා…
Read More

ගෝඨාභයගෙ දෙවසරක පාලනය රටම අඳුරට හෙළූ යුගයක්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච  පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් "මේ යකා පිස්සෙක්" කියන තැනට ජනයා ගමන් කොට ඇත. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ උද්ගත වී ඇති පෝලිම්වල මේ…
Read More
පරිසරය රැකීමට කටින් බතල කොළ සිටුවන රාජ්‍ය නායකයෝ

පරිසරය රැකීමට කටින් බතල කොළ සිටුවන රාජ්‍ය නායකයෝ

Originally published on https://vivaranalk.com/පරිසරය-රැකීමට-කටින්-බතල-ක/ By Mahinda Hattaka Post published:November 8, 2021 බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් (වම), සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්, (දකුණ), පලස්තීන අධිකාරියේ අගමැති මොහොමඩ් ෂ්ටයියේ වෙත ආචාර කරති පසුගිය දින එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි පැවැත් වූ COP 26 ගෝලීය උණුසුම් වීම වැළැක්වීමේ රාජ්‍ය නායකයන්ගේ හමුව ලෝකයේත් මිනිසාගේත් අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසුවේය. කාර්මික කරණය ඇතුළත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කිරීම හෝ වායුගෝලය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වා ගැනීම අරමුණු කර ගත් එකඟතා නියමිත කාල සීමාව තුළ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක…
Read More
කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

විජයානන්ද ජයවීර විසින් සිය වෙබ් අඩවිය වන JAYAVOICE හි පළ කරන ලද ලිපියකි. උපුටා ගැනීම: https://jayavoice.com/2020/05/05/කලා-හා-මානව-ශ්%e2%80%8dරාස්ත්%e2%80%8dරී/ අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන්‍ මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර‍ අයත් වන බැවිනි. බොහෝ විට  එම…
Read More
අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

Kusumsiri Wijayawardena Contributor 15 Oct 2021 අදටත් අපි රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. පසුව හෝමාගමට පමණක් ධාවනය වුණු පුංචි කෝච්චිය මෑත අතීතයේ සිට යළිත් අවිස්සාවේල්ල දක්වා ධාවනය ආරම්භ වුණා. දැන් මේ පාරත් පළල් දුම්රිය මාර්ගයක් වෙලා ඉවරයි.  එහි අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසත්, යටියන්තොට දක්වා කොටසත් නටබුන් බවට පත්ව අතුරුදන් වුණා. එසේ මතක සටහන් ඉතිරිවුණු අවිස්සාවේල්ල ඕපනායක කෝච්චි පාර ගැන සොයා බැලීමට ගත් උත්සාහයක් මේ. ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ- srilankaexpress.com වර්ෂ 1800 අග වනවිට අප රට උඩරට දුම්රිය මෙන්ම මාතර  මුහුදුබඩ දුම්රිය ද විශාල…
Read More
උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

Janaka Prasad15 Oct 2021 සෑම වසරක ම මිලියන ගණනක් කුඩා ගල් කැට ප්‍රමාණයේ උල්කාෂ්ම පෘථිවියට පැමිණෙනවා. මේවා බොහෝමයක් පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වුවත් වායුගෝලයේ දී දැවී අවසන් වීමට නොහැකි වූ තරමක් විශාල උල්කාෂ්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීමත් දැකිය හැකි යි. නමුත් බොහෝ අවස්ථාවල ඒවායින් පෘථිවි ජීවීන්ට හානියක් වන්නේ නැහැ. නමුත් සියවසකට වරක් පමණ නිවසක් තරම් විශාල උල්කාෂ්ම වායුගෝලයේ ගැටී පුපුරා යෑම නිසා අනතුරු සිදුවනවා. 2013 වසරේ දී සහ ඊට පෙර 1908 වසරේ දී රුසියාවේ එවැනි පිපුරුම් වාර්තා වුණා. මේවයින් දේපළ හානි වාර්තා වුණත් තුවාල හැරෙන්නට ජීවිත හානි වාර්තා වුණේ නැහැ. නමුත් ක්‍රිස්තු පූර්ව 1700දී පමණ සිදු වූ උල්කාපාත වායු…
Read More