Month: March 2022

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

මාර්තු 17, 2022 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි. ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත විය. ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත වේ. ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී. LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙකි. එය මිනිසුන්ට තමන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට වැඩිපුර…
Read More
ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

Byජයදේව උයන්ගොඩ January 4, 2022 Originally published on : https://anidda.lk/ලංකාවට-සුදුසුජනාධිපති-ක්/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, බලයට පත්වීමට ආශාවෙන් සිටින පුද්ගලයන් සතුටට පත් කිරීමට නොව, නිදහස අගය කරන පුරවැසියන් සතුටු කිරීමටය. එය කළ හැක්කේ රාජ්‍යයේ පදනම්, දේශපාලන ඉලක්ක, ආයතන සහ ක්‍රියාවලීන් ප්‍රජාතන්ත්‍රවාදී කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකටය. ලංකාවේ මේ දිනවල තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාවේ අනිවාර්යයෙන් මතුවන ප්‍රශ්නයක් වන්නේ, ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයට සිදුකළ යුත්තේ කුමක්ද යන්නයි. ජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද? යන තෝරා ගැනීම් දෙක අතර ප්‍රශ්නයක් ලෙසින්ද එම කරුණ ඉදිරිපත් වී තිබේ. පොදු ජනතාව අතර මෙම තෝරා ගැනීම් දෙකින් කවරකට බරක් තිබෙන්නේද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් නැත. ඒ ගැන මහජන අදහස් විමසන සමීක්ෂණ…
Read More
2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය. 

2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය. 

ලොව පුරා පැතිරුණ කොවිඩ්-19 වසංගතය තුළ දී සෑම රටකම ස්ත්‍රීහු අසමානුපාතික බලපෑමකට ලක්වූහ. 2022 මාර්තු 8 වනදා වන විට යුක්රේනයේ යුද්ධයට මැදිවූ ස්ත්‍රීන් සහ ළමුන් ගේ මෙන්ම ලෝකයේ සෙසු රටවල පසුගිය කාලය පුරාම යුද්ධයන්ට සහ අධික සූරාකෑමට ලක් වී පීඩා විඳින ස්ත්‍රීන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමටත් ඔවුනට සමානාත්මතාය දිනාගැනීමේ අරගලයට විශේෂිත තත්වයක්, එනම් ස්ත්‍රීන්ට වැඩි සැලකිලි දැක්වීමේ ප්‍රතිපත්තියක් ජනතා අරගල තුළදී ලබාදීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් බව පැහැදිලි කරුණකි. ලෝක ජනගහනයෙ බහුතරය වනුයේ ස්ත්‍රීන් වන අතර ඔවුනට සමානාත්මතාවය ලබාදීම අප කරන සෑම කාර්යයකම හදවත වන්නේ ය. මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරීමේ අරමුණ විය යුත්තේ ලොව පුරා ස්ත්‍රීන් මුහුණ…
Read More