මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව 2021/12/10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කොටගෙන ඉදිරිපත් කරයි!

1986 වසරේ මැයි පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’ ප්‍රසංගය ඉදීරිපත් කළ මහජන වේදිකාව වූ කලී තරුණ සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන් ක්‍රියාත්මක වූහ. මෙම ඓතිහාසික ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා සංගීත, රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්‍රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා සිය දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම දැවන්ත කාර්යය සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා වූ ව්‍යාපාරය ( මර්ජ් ව්‍යාපාරය ) මහජන වේදිකාවට සිය උපරිම සහයෝගය ලබා දුන් බවද සඳහන් කළ යුතුය.

“සියළුම ජන වර්ගයන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ට සිය ප්‍ර‍ාතන්ත්‍රීය හා සාමුහික සංස්කෘතික අයිතීන් සාමයෙන් භුක්ති විඳමට ඉඩ සපයන සමාජයක් ‍ගොඩ නැඟීමට අපේ කැපවීම පිළිඹිබු කිරීමක් වශයෙන් ඒක් දහස් නවසිය අසූ හයේ මැයි පිළමුවෙනි දින “නිදි නැති නදියේ නාදය” මහජන වේදිකාව මගින් අපේ පූර්ණ සහාය ඇතිව ප්‍ර‍ථම වරට ඉදිරිපත් කරන ලදී.“

චාල්ස් අබේසේකර

ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය

https://www.youtube.com/watch?v=z0Na2Z5Lw-w

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *