වැඩ සටහන්

“..චිත්‍ර කලාව සමාජ යහපත සඳහා භාවිතා කිරීම ..”

“..චිත්‍ර කලාව සමාජ යහපත සඳහා භාවිතා කිරීම ..”

චාල්ස් දයානන්ද විසිනි මනෝසායනික චිත්‍ර කලාවLiving with art ඔක්තෝබර් 14 දි මීගමුවේ ධීවර ගම්මානයක දරුවන් පිරිසක් සමග පැවැත්වූ මනෝසායනික චිත්‍ර කලා අභ්‍යාසය. උදේ 9.30 සිට සවස 4.30 වන තෙක් කුඩා දරුවන් පිරිසක් ඉතා ක්‍රියාකාරීව මෙයට සහබාගි විය .මෙය චිත්‍ර ඉගැන්වීමක් නොවීය .වර්ණ සමග ක්‍රියාකාරී අභ්‍යාසයක් විය .සියලු දෙනා චිත්ත සමාධියකට පත්කිරීම මෙහි අරමුණ විය .ඇදීමේ දක්ෂ තාවය වැදගත් නොවීය .දරුවන් සමග දෙමාපියන් ද ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අයුරු දැකගත හැකි විය .මෙය ඔවුන්ට ද මනෝසායනයක් විය ...දරුවන්ට උදේ තේ සදහා විවේකයක් දුන්නත් ඔවුන් වැඩ නතර කලේ නැත .කෑම පාර්සලය පසෙක තබා වැඩෙහි නිරතව සිටි අයුරු දැකගත හැකි විය .ඉතා සාර්ථක…
Read More
ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය – ස්ත්‍රීවාදී දැක්මක් – රාජනි තිරාණගම සැමරුම් දේශනය

රාජිනි තිරාණගම අනුස්මරණ සංගමය සහජීවනය උදෙසා වන යාපනය ජනතා සංගමය සමඟ ඒක්ව සංවිධානය කරන සැමරුම් දේශනය 2021 ඔක්තෝබර් 02 සෙනසුරාදා ලංකාවේ වේලාවෙන් පස්වරු 7.00 ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙම වැඩ සටහන සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම පැවැත්වෙන අතර සූම් ID: 970 2457 3102 මගින් ඔබට සහභාගි විය හැක.
Read More
යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

ඒකාධිපති, පවුල්වාදී හා මිලිටරිවාදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා දින කිහිපයකට පෙර ඉතාලියේ සංචාරයක් ආරම්භ කරන ලදී. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළ කරමින් දිගින් දිගටම කළු කොඩි ඔසවමින්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව පත්කර ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන ඔව්හු සිය අප්‍ර‍සාදය ප්‍ර‍කාශ කරමින් දැවැන්ත විරෝධතා දක්වමින් සිටිති. ආණ්ඩු විරෝධී කළු කොඩි රැල්ල ප්‍ර‍ංශයටත් ප්‍ර‍ංශයේ රිපුක්බ්ලික් (Republique) චතුරශ්‍රයේදී 2021 සැප්තැම්බර් 18 වන දින සවස 4.00 ට, ප්‍ර‍ංශයේ වෙසෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය උදෙසා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ මිලිටරිවාදී ආණ්ඩුවට එරෙහිව කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එතැන් සිට සෑම සෙනසුරාදාවකම අත් අඩංගුවේ පසුවන ශිෂ්‍ය, වෘත්තීය සමිති හා සමාජ…
Read More