Blog

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි!

සජීව චාමිකරඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන ලෙස ය. ඒ අනුව ජනාධිපතිවරයා ගේ උපදෙස් මත පසුගිය මාර්තු මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක් ව ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ අභය භූමියට අයත් මෙම ඇතුල්කෝට්ටේ තෙත් බිම ගොඩකිරීමේ හා ඇළ මාර්ග කැනීමේ කටයුතු කිසිදු අනුමැතියකින් තොර ව නීති විරෝධී ව ආරම්භ කෙරින. මෙම නීති විරෝධී ගොඩකිරීම් හා තෙත් බිම් කැනීම ආරම්භ කළ අවස්ථාවේ…
Read More
ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ ආහාර නොවන අරමුණු සඳහායි

sarathkella - මැයි 18 Originally From: https://thathu.com/2022/05/18/ලෝකයේ-ප්රධාන-භෝග-වලින්-ව/ ලෝකයේ ප්‍රධාන භෝග වලින් වැඩිකොටස යොමුවන්නේ සාගින්නෙන් පෙළෙන්නන්ගේ පෝෂණය උදෙසා නොව ආහාර නොවන අරමුණු සඳහා බව අධයනයක් හෙළි කරයි  මනුෂයයන් විසින් වගා කරනු ලබන වැදගත් භෝග බොහොමයක් වෙනුවෙන් තිබෙන  තරඟකාරිත්වය වැඩිවෙමින් පවති. මේ හේතුවෙන් සිදුවන්නේ ඒවා සෘජුවම මිනිසුන් පෝෂණය කිරීම වෙනුවට එන්ට එන්ටම වඩ වඩා වෙනත් භාවිතයන් සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගැනීමයි.  ජෛව ඉන්ධන(biofuels) සෑදීම; පශු ආහාර, හයිඩ්‍රජනීකෘත තෙල් සහ පිෂ්ඨය වැනි සැකසුම් අමුද්‍රව්‍ය බවට භෝග පරිවර්තනය කිරීම; සහ මුදල් ගෙවා ඒවා ලබා ගත හැකි රටවලට ගෝලීය වෙළෙඳපොළේ ඒවා විකිණීම මෙම තරඟකාරී භාවිතයන් අතරවේ. මෑතක ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක දී පර්යේෂකයන් ඇස්තමේන්තු කරන්නේ…
Read More
නව ලිබරල්වාදයේ ආගමනය

නව ලිබරල්වාදයේ ආගමනය

Jaya Pathmapani -May 18 Originally From: https://jayavoice.com/2022/05/18/නව-ලිබරල්වාදයේ-ආගමනය/ ඇඩම් ස්මිත්ගේ (1723-1790) ආදිකර්තෘත්වයෙන් බිහි වූ සම්භාව්‍ය ලිබරල් ආර්ථික දර්ශනයට පදනම වූයේ ‘මනුෂ්‍යයා වනාහි නිදහස් වෙළඳපොළක කෙරෙන තාර්කික ගනුදෙනු මඟින් සිය පුද්ගලික ද්‍රව්‍යයමය අවශ්‍යතා සපුරා ගන්නා සත්වයෙකි’ යන්නයි. මේ දැක්මට අනුව දේශපාලනය හා ආර්ථිකය යනු බොහෝ දුරට එකිනෙකින් වෙන් ව පවත්වා ගත යුතු ක්ෂේත්‍රයෝ ය. එහෙත් මේ වෙනස පවත්වා ගෙන යෑමේ දී ආර්ථික ක්ෂේත්‍රය සුවිශේෂ කොට සැලකුණි. මන්ද ස්මිත්ගේ මතය අනුව ආර්ථිකය හොඳින් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ දේශපාලනික මැදිහත් වීමකින් තොර ව වෙළඳපොළ  තුළින් ම ඇතිවෙන නියාමනයට අනුව නිෂ්පාදන හා ගනුදෙනු කටයුතු කරන විට දී බැවිනි. ඒ අනුව ස්වාර්ථය තකා කටයුතු කරන පුරවැසියන්ගේ ආර්ථික…
Read More
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි.

මාර්තු 17, 2022 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම අවසන් කරයි. ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත (LDO) පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී දෙවැනිවර කියවීමෙන් සම්මත විය. ගොවීන්ගේ ණයගැතිභාවය පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කළ නොදැනුවත්කම සහ උදාසීනත්වය පිළිකුල් සහගත වේ. ඇමති මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශ වලින් පෙනුනේ ගොවීන්ගේ ඉඩම් බැංකුවලට උකස් කිරීමට හැකිවීම සියලු ගොවීන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම බව ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරන බවටයි. පනත් කෙටුම්පතේ ඇති තීරණාත්මක වගන්ති ගැන සාකච්ඡා කිරීමට පරිසරයක් නිර්මාණය නොකර කඩිමුඩියේ පනත් කෙටුම්පත සම්මත කරන ලදී. LDO සංශෝධන පනත් කෙටුම්පත බැටළු ඇඳුමින් සැරසුණු වෘකයෙකි. එය මිනිසුන්ට තමන්ගේ ඉඩම් පිළිබඳ තීරණ ගැනීමට වැඩිපුර…
Read More
ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

ලංකාවට සුදුසුජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද?

Byජයදේව උයන්ගොඩ January 4, 2022 Originally published on : https://anidda.lk/ලංකාවට-සුදුසුජනාධිපති-ක්/ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුත්තේ, බලයට පත්වීමට ආශාවෙන් සිටින පුද්ගලයන් සතුටට පත් කිරීමට නොව, නිදහස අගය කරන පුරවැසියන් සතුටු කිරීමටය. එය කළ හැක්කේ රාජ්‍යයේ පදනම්, දේශපාලන ඉලක්ක, ආයතන සහ ක්‍රියාවලීන් ප්‍රජාතන්ත්‍රවාදී කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකටය. ලංකාවේ මේ දිනවල තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කතිකාවේ අනිවාර්යයෙන් මතුවන ප්‍රශ්නයක් වන්නේ, ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩු ක්‍රමයට සිදුකළ යුත්තේ කුමක්ද යන්නයි. ජනාධිපති ක්‍රමයද? පාර්ලිමේන්තු ක්‍රමයද? යන තෝරා ගැනීම් දෙක අතර ප්‍රශ්නයක් ලෙසින්ද එම කරුණ ඉදිරිපත් වී තිබේ. පොදු ජනතාව අතර මෙම තෝරා ගැනීම් දෙකින් කවරකට බරක් තිබෙන්නේද යන්න ගැන පැහැදිලි චිත්‍රයක් නැත. ඒ ගැන මහජන අදහස් විමසන සමීක්ෂණ…
Read More
2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය. 

2022 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය වෙන කවරදාටත් වඩා වැදගත් වන්නේය. 

ලොව පුරා පැතිරුණ කොවිඩ්-19 වසංගතය තුළ දී සෑම රටකම ස්ත්‍රීහු අසමානුපාතික බලපෑමකට ලක්වූහ. 2022 මාර්තු 8 වනදා වන විට යුක්රේනයේ යුද්ධයට මැදිවූ ස්ත්‍රීන් සහ ළමුන් ගේ මෙන්ම ලෝකයේ සෙසු රටවල පසුගිය කාලය පුරාම යුද්ධයන්ට සහ අධික සූරාකෑමට ලක් වී පීඩා විඳින ස්ත්‍රීන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීමටත් ඔවුනට සමානාත්මතාය දිනාගැනීමේ අරගලයට විශේෂිත තත්වයක්, එනම් ස්ත්‍රීන්ට වැඩි සැලකිලි දැක්වීමේ ප්‍රතිපත්තියක් ජනතා අරගල තුළදී ලබාදීමේ අවශ්‍යතාව ප්‍රමුඛ කාර්යභාරයක් බව පැහැදිලි කරුණකි. ලෝක ජනගහනයෙ බහුතරය වනුයේ ස්ත්‍රීන් වන අතර ඔවුනට සමානාත්මතාවය ලබාදීම අප කරන සෑම කාර්යයකම හදවත වන්නේ ය. මාර්තු 8 ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරීමේ අරමුණ විය යුත්තේ ලොව පුරා ස්ත්‍රීන් මුහුණ…
Read More
උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

උද්ගතව ඇති අර්බුදයට අප මුහුණදිය යුත්තේ කෙසේද..?

“89-සහෝදරත්වය” විසිනි පවත්නා බරපතල අර්බුදය හමුවේ අප ගතයුතු මග කවරේද..? පුරා 73 වසරක වැරදි භාවිතාවන් තුල රට පාලනය කිරීමේ ප්‍රථිපලයක් ලෙසින් ලංකාව තුල සියලු පුරවැසියනට මුහුණදීමට සිදුවී ඇති ආර්ථික, සමාජමය හා දේශපාලණික අර්බුධය හමුවේ වාමාංශිකයින් ලෙසත්, මාක්ස්වාදීන් ලෙසත්, පොදු බලවේගයක අවශ්‍යතාව දකින අය ලෙසටත්, ඊට මුහුණදියයුත්තේ කෙසේදැයි අප මේ අවස්ථාවේ වඩාත් හොඳින් කල්පනාකර බැලිය යුතුය. දිගින් දිගටම අතීත කාමයක සිහිනයන් තුල ගිලෙමින්, වසර 2500 ක් පුරාවට තිබුනායැයි කියන ඊනියා සෞභාග්‍යයක පුරාජේරුව ඇදබාමින් අප ස්වයං වින්දනයක පසුවෙද්දී, අප හැරදමා මුලුමහත් ලෝකයම 21 වන සියවසේ දියුනු සමාජයන් ලෙසින් දියුනු තාක්ෂණික පියවරයන් සමඟින් ඉදිරියෙන් ඉදිරියට යන මොහොතක, අපි “ජාතික” මට්ටමේම වූද, ඉතිහාස රෝදය…
Read More
නිදහස් දින ජනපතිවරයා ප්‍රකාශයට පත්කළ සියලු අභියෝග ජය ගැනීමේ මාවත කුමක්ද?

නිදහස් දින ජනපතිවරයා ප්‍රකාශයට පත්කළ සියලු අභියෝග ජය ගැනීමේ මාවත කුමක්ද?

ප්‍රියන්ත සිල්වා විසිනි ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අන්දම අතිශයින්ම පැහැදිලිය. මෙම අගතිය යටපත් කරමින් ඉදිරියට පිවිසීම වත්මනෙහි ජයගැනීමට ඇති තීරණාත්මක අභියෝගයයි. ජනපතිවරයාගේ නිදහස් දින ප්‍රකාශනයෙන්ද මෙය විශේෂ අවදානයට ලක් කෙරුණි.                  විදේශ වෙළඳපොළ අරමුණු කරගත් නිෂ්පාදන කර්මාන්ත අහිමි, විදේශ අපනයන අවම අප වැනි ආර්ථිකයක, විදේශ විනිමය හිඟය බරපතල ආර්ථික අවපාතයකට තුඩු දෙන්නකි. දේශීය පරිභෝජනය සපුරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ නිෂ්පාදනය නොකරන තත්ත්වයකදී මෙහි ස්වරූපය වඩාත් අනතුරුදායකය. එළවලු සහ පලතුරු අපනයනයේ ඉහලයාමක් සිදුව ඇතැයි පැවසුනද, මෙම වසර ආරම්භයේදී දේශීය පළතුරු හා එළවලු අපනයන ආදායම 24% කින් පහත වැටී ඇත.     …
Read More