අපටත් රජෙක් ඉන්නේ…

මම නම් මත්පැන් ලෝලියෙක් නෙවෙයි. හැබැයි මේ මිනිස්සුන්ට ‘නිදහසේ’ මත්පැන් ටිකක් තොලගාන්න අයිතිය තියන්න ඕනි.

ඉතිං බොන්න කැමති මේ ලාංකිකයෝ නම් මේ විඳින්නේ අමු අපා දුකක්. කන්නේ අමු කට්ටක්. සංචරණ නීතිත් දමල නිසා පොලිසිය අල්ලන්නත් පුළුවන්. කූඩුවේ දාන්නත් පුළුවන්. පොඩි බයකුත් නැතුව නෙවෙයි. හැබැයි ඒක වෙනදට නැති ආතල් එකක්. ඒක් බාර් වෙනුවට මල්ටි බාර්. බාධා ගොඩයි. සංචරණ නීති අස්සේ අමාරුවෙන් හිරවෙලා පොදි කාල, කොරෝනා හදාගෙන ගන්න බෝතලේ තමයි ලොවෙත් නැති බෝතලේ. මරණය පෙනි පෙනී ගන්න බෝතලේ නෙවෙයි ද ආතල් වැඩිම බෝතලේ කියන එක අපි හැමෝම හිතන්න ඕනි මේවා විවේචනය කරන්න කලින්.

නිකම් සුපර් මාකට් ගිහින් ඩීසන්ට් පිට බෝතල් ගන්න අවස්ථාවක් හදන්න කියල ටොයියෝ කිව්වට එයාල දන්නේ නැති දේ තමයි කොරෝනා අස්සේ පොරකාලා ගන්න ගල් බෝතලේ තියන අතිරික්ත ප්‍රමෝදය…වේදනාවේ සතුට. ඒක යහමින් එයාලට දීල තියනවා.

එයාල චන්දෙ දුන්නේ ඒකට. දැන් ඒ වැඩේ ඉවරයි. දැන් ඔයාල ගෙදර යන්න….

🙂

මහේෂ් හපුගොඩ විසිනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *