ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !
අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

පුවත්පත් නිවේදනය

2021 සැප්තැම්බර් 28

පුවත්පත් නිවේදනය

ශිෂ්‍ය හා වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම හා මර්ධනය හෙළා දකිමු !
අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන් වහා නිදහස් කරනු !

පසුගිය කාලය තුළ රජය විසින් නිදහස් අධ්‍යපානයට එරෙහිව ක්‍රියාත්මක කිරීමට සුදානම් වු කොතලාවල පනතට එරෙහිව අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හා වෘත්තීය සමිති, බහුජන සංවිධාන ගෙන ගිය උද්ඝෝෂණ හා ගුරු සංගම් විසින් ඒකාබද්ධව කරගෙන ගිය ඔවුන්ගේ වෘත්තීය සටන මර්ධනය කිරීම සඳහා රජය විසින් දරුණු මර්ධනයක් දියත් කර ඇත.

අගෝස්තු මස 03 වන දින කොතලාවල පනතට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය අවස්ථාවේදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලන ලේකම් චමීර කොස්වත්ත, සිසුජන ව්‍යාපාරයේ ශිෂ්‍ය ක්‍රියාකාරී, ජයවර්ධනපුර විවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප හා කෝෂිලා හංසමාලි ඇතුළු සහෝදර සහෝදරියන් රාශියක් අත්අඩංගුවට ගෙන පොදු දේපල පනත යටතේ සිරගත කොට තිබේ. ඔවුන්ට ඇප ලබා දීම පවා ප්‍රතික්ෂේප කර ඇත.

එසේම එදින උද්ඝෝෂණයට සහය දුන් ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ සහෝදරයා ඇතුළු තවත් වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ඔවුන් යමින් සිටිති. අත්අඩංගුවට ගත් ක්‍රියාධරයන්ට බන්ධනාගාර තුළදී කොවිඩ් වැළඳී බරපතල ලෙස අසනීප වී ඇත.

මෙවැනි අත්අඩංගුවට ගැනීම් තුළින් රජය උත්සාහ ගනු ලබන්නේ, මින් ඉදිරියට රජයේ මර්ධනකාරී වැඩපිළිවෙලට හා රට විකිණීමේ වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පංතිය සටන් කිරීම වළකා ඔවුන් බියපත් කර තබා ගැනීම සඳහා ය. මෙය ජනතාවගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එසේම උද්ඝෝෂණය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරුකර ඇති මූලික අයිතිය පැහැර ගැනීමකි.

රජය විසි ගෙනයනු ලබන මෙම ජනතා විරෝධී නින්දිත වැඩපිළිවෙල අප තරයේ හෙළා දකින අතර වෘත්තීය සමිති ක්‍රියාධරයන් හා ශිෂ්‍ය නායක ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, අවහිරයකින් තොරව වෘත්තීය සමිති කටයුතු හා ජනතාව සංවිධානය කිරීමේ මූලික අයිතිය තහවුරු කරන ලෙසත් දැඩිව ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් රජය වහාම යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මේ රටේ කම්කරු ව්‍යාපාරය ශිෂ්‍ය ව්‍යාපාරය, පොදු ජන ව්‍යාපාරය එක්ව රජයේ මෙම වැඩපිළිවෙල පරාජය කිරීම සඳහා සටන් බිමට අවතීර්ණ වීමට සිදුවන බව ර්‍ණවමේ හඬ හා ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂ එකමුතුව” තරයේ අවධාරණයකර සිටී.

නීල් විජේතිලක

මහින්ද දේවගේ
වමේ හඬ වෙනුවෙන් ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය වෙනුවෙන්

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *