අපගේ ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම

ජාතික ආර්ථිකයට සහ ස්වෛරිභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්‍ධව කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති 9 ක් අත්සන් කර ජනාධිපතිට යවන ලද ලිපිය…

1 ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය
2 නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය  
3 ලංකා වෘත්තීය සමිති සම්මේලනය
4 නැෂනල් යුනියන් ඔෆ් සී ෆෙයාරස් ශ්‍රී ලංකා
5 ජාතික සේවක සංගමය
6 ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
7 එක්සත් කම්කරු සම්මේලනය
8 ලංකා බැංකු සේවක සංගමය

Anton Marcus
Joint Secretary      
Free Trade Zones &  General Services Employees Union
No.141, Ananda Rajakaruna Mawatha, Colombo 10, Sri Lanka.
General : +94-112693283    |  Fax     :  +94-114617711
Mobile   : +94-777281477    |  E-mail :  ftzunionlanka@gmail.com
Skype    :  anton.marcus2    |  Web:  ftzunionlanka.com

2021 ඔක්තෝබර් මස 03 වන දින.
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා
අතිගරු ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

අපගේ ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම


අප රටේ ආර්ථික මර්මස්ථාන ලෙස සැළකෙන පහත සඳහන් රාජ්‍ය ව්‍යාපාරවලට අයත් වටිනා දේපළ විකුණා දැමීමට ආණ්ඩුව ක්‍රියාකරන බව මාධ්‍යවලින් වාර්තාවන අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද එවැන්නක් සිදුවන බව සනාථ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට 40 ක ප්‍රමාණයක් කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඇමෙරිකානු සමාගමකට විකිණීමට ගිවිසුමක් අත්සන් කිරීම සහ එම ගිවිසුම මාර්ගයෙන් අනාගතයේ දී අප රටේ ෆොසිල ඉන්‍ධන වෙනුවට භාවිතා කිරීමට නියමිත ස්වභාවික දියරගත වායුව (ඛභඨ) මෙරටට ගෙන්වීම සහ බෙදා හැරීමේ ඒකාධිකාරී අයිතිය ද එම ඇමෙරිකානු සමාගමට ලබා දීම.

වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ අක්කර 13 ක ඉඩම් ප්‍රමාණයක් සහ එහි ඇති ගුදම් චීන ක්‍ෂක්‍ඔ සමාගමට විකුණා දැමීම තුලින් දැනට වරායට ලැබෙන ඩොලර් මිලියන 100 ක පමණ වාර්ෂික ආදායම අහිමි විය හැක. තවද, මෙම ඉඩමේ වටිනාකම ඩොලර් මිලියන 150 ක් පමණ ඉතා අඩු මුදලකට තක්සේරු කිරීම.

මෙතෙක් ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් මෙරටට ඉන්ධන ගෙන්වීම සහ පිරිපහදුව වගකීමක් ලෙස පවත්වාගෙන යාමේ කාර්යභාරයෙන් ඉවත්ව වෙනත් තරඟකාරී ආයතනයක් පිහිටුවීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීම. ඒ සමගින් ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණය දැනට ඉන්දියාවට ලබා දී ඇති බදු ගිවිසුම ඉදිරියටත් පවත්වා ගෙන යාම සහ මෙම තෙල් ටැංකි සමූහයේ බහුතර සංඛ්‍යාවක් ඉන්දියානු සමාගමේ පාලනයට අයිති වන ලෙස පිඹුරුපත් සකස් කිරීම.

ඉහත කී ආයතන වලට සම්බන්ධ වෘත්තීය සමිති රටේ ස්වෛරීභාවයට අනතුරක් මෙන්ම රටේ දීර්ඝ කාලීන ආර්ථික සංවර්ධන වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන්ම පටහැනි මේ ක්‍රියාවලියට විරුද්ධ වන බව දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ බව ඔවුන් දැනටමත් ආණ්ඩුවට දැනුම් දී ඇත.

මෙහි පහත අත්සන් කරන ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික වෘත්තීය සමිති ආණ්ඩුවේ මෙම ජනතා විරෝධී වැඩ පිළිවෙලට සම්පූර්ණයෙන් විරුද්ධත්වය ප්‍රකාශ කරන අතර මෙම ආයතන වල පිහිටි වෘත්තීය සමිති ගෙන යන්නාවූ විරෝධතාවයට සහාය දැක්වීමටද තීන්දු කළෙමු.

එවගේම, ඇමෙරිකානු සමාගම සමග වත්මන් ආණ්ඩුව අත්සන්කර ඇති ගිවිසුම සහ රටේ පුරවැසියන්ගේ අගතියට බලපාන්නාවූ ඉහතින් සඳහන් කාරණාවලට අදාල සියලු ලිපි ලේඛන, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව මගින් නොපමාව ප්‍රසිද්ධියට පත්කරන මෙන්ද, ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලු පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් නිර්දේශ ආණ්ඩුවට ඉදිරිපත් කරන මෙන් එම කොමිසන් සභාවට ජනාධිපතිගේ විශේෂ තීන්දුවක් ලෙස වහා දැනුම් දෙන මෙන්ද ඉතා ඕනෑකමින් අපි ඉල්ලා සිටිමු.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *