ලය දුඹුරු මාරාවා – සෑම වසරකම ශ්‍රී ලංකාවට නිතිපතා පැමිණෙන සංක්‍ර‍ණිකයෙකි!

ජගත් ගුණවර්ධන විසිනි

ලය දුඹුරු මාරාවා / ලය දුඹුරු මැසිමාරා / Brown-breasted Flycatcher / Layard’s Flycatcher (Muscicapa muttui)

සෑම වසරකම ශ්‍රී ලංකාවට නිතිපතා පැමිනෙන සංක්‍රමනිකයෙකි.සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේ අග භාගයේදී පමන මෙරටට පැමිනීම සිදු කරයි.

ස්වරූපයෙන් බොහෝදුරට දුඹුරු මාරාවාට (Asian Brown Flycatcher) සමාන මුත් ශරීර ප්‍රමානය අතින් තරමක් විශාලය​.එනම්,ගේ කුරුල්ලෙකු පමන වේ.තවද​,වඩා තද දුඹුරු පාට ඉහල කොටස් මෙන්ම ලා පැහැති පාදත් එක්වරම දෙදෙනා වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වන ලක්ශනයන් වේ.

මේ පක්ශියාගේ ඇසට ඉදිරියෙන් සුදු පාට කොටසක් සහ ඊට බැඳුනු සහ ඇස් වටකොට පිහිටන සුදු පාට වලයකිනුත් යුතුය​.විශාල සහ ප්‍රකටව දිස්වන ඇස් කලු පාටය​.හොටයේ උඩ කොටස දුඹුරු පාටින් සහ මුල කොටස කහ පාටිනුත්,යට හොටයේ අග්‍රය දුඹුරු පාටිනුත්,ඉතිරිය කහ පාටිනුත් යුතුය​.ඉඳහිට මේ කහ පාට කොටස් කහවන් රෝස හෝ රෝසවන් පැහැයන් දරයි.

යට හොටයේ දාරයෙන් පහලට විහිදෙන තද දුඹුරු පාට රේඛාවක් තිබේ.මෙය ඉංග්‍රීසි විස්තරවල රැවුල් රේඛාවක් (moustache stripe) ලෙස බොහෝවිට හඳුන්වා තිබේ.බොහෝවිට අලුතින් පිහාටු ලබාගත් පසුව ඉතා පැහැදිලිව දිස්වේ.

මේ පක්ශියාගේ ලැම ලා දුඹුරු පාටකි.බොහෝවිට අලුතින් පිහාටු ලබාගත් පසුව මේ ලක්ශනයත් ඉතා පැහැදිලිව දිස්වේ.ඇතැම් පක්ශීන්ගේ මේ දුඹුරු පාට උදරයේ දෙපසටත් (flanks) විහිදී තිබේ.පාද කහ​,කහවන් රෝස හෝ රෝස පාටය​.දුඹුරු මාරාවාගේ පාද හැමවිටම අලු හෝ කලු පාටින් යුතු නිසා මේ ලක්ශනය දෙදෙනාව පහසුවෙන්ම සහ නිවැරදිව හඳුනා ගැනීමට තිබෙන හොඳම ලක්ශනය බැව් මගේ වැටහීමයි.

ශරීරයේ උඩ කොටස තද දුඹුරු පාටකි.නිතඹ (rump) ප්‍රදේශය පමනක් තැඹිලිවන් දුඹුරු පාටක් ගනී.දුඹුරු මාරාවාගේ උඩ කොටස් මීට වඩා අඩු පැහැයක් සහිත අලුවන් දුඹුරු පාටකි. මෙය දෙදෙනා අතර වෙනස එක්වරම දැනගත හැකි ලක්ශනයකි.

මේ පක්ශියා මෙරට ගතකරන කාලයේදී පහතරට තෙත් කලාපයේ මෙන්ම කඳුකරයේ ඉහලම ප්‍රදේශයන් තෙක් පුලුල් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.සෙවන සහිත අඳුරු ස්ථානවල ගැවසේ.පොලොව මට්ටමේ සිට මීටර් 1-2 උසක පිහිටි අතුවල සහ වැල්වල වසා සිටී.බොහෝදුරට මෙරට රැඳී සිටින මුලු කාලයම එකම නතු ප්‍රදේශයක් තුල ගතකරන බව දැක තිබේ

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *