බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය

ජගත් ගුණවර්ධන විසිනි

Wandering Glider/ Globe Skimmer (Pantala flavescens) බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය (Panmixia / Panmicticism)

යම්කිසි සත්ව විශේශයක වෙනස් ජනගහන සියල්ලේම සාමාජිකයන්ට එකිනෙකා අතර ප්රsජනනය වීමේ ඉඩකඩක් පැවතීම හෙවත්,ඔවුන්ගේ එක් ගහනයක සාමාජික සියල්ලන්ටම තවත් ඕනෑම ගහනයක විරුද්ධ ලිංගිකයෙකු සමඟ එක්වීමේ ඉඩකඩක් තිබීම හෙවත් විභවයක් තිබීම සාර්වමිශ්රිතතතාවය (Panmixia / Panmicticism) ලෙස හඳුන්වනු ලබයි.

මෙවන් විශේශයන් සැමවිටම එක් අඛන්ඩ භූගෝලීය​ කලාපයක සිටීම හෝ ඉතා හොඳින් සංචරනය වීමේ ඉඩකඩක් සහ හැකියාවක් සහිත වීම විශේශත්වයකි.එමෙන්ම,මෙයාකාරයෙන් සියලු ගහනයන්හි සාමාජිකයන්ට වෙනස් ගහනයන් සමඟ මිශ්ර වීමේ ඉඩකඩ නිසාවෙන් මොවුන් තුල ජනගහනයන් අතර වෙනස්කම් හෝ උප-විශේශ හෝ පැවතීමට ඉඩකඩක් නොමැති වීමත් විශේශතම ලක්ශනයක් වේ.

සාර්වමිශ්රිතතාවය සත්ව ලෝකයේ ඉතා අඩුවෙන් හමුවන සංසිද්ධියක් වේ.මේ පිලිඹඳව ඒ නිසා කථාබහට ලක්වෙන්නේ නැති තරම් වේ.මෙම ඉංග්රීවසි වදන වන යන්න පිලිඹඳව මවිසින් මුල් වරට දැනගත්තේ සහ මේ පිලිඹඳව සොයා බලන්නට හේතුවූයේත් 2009 වසරේදී ප්ර කාශිත බටහිර ඉන්දියානු සාගරයේ වෙසෙන කොප්පරා /Swordfish (Xiphias gladius)  මසුන් පිලිඹද පර්යේාශන පත්රියකාව විය.එමඟින් කියා තිබුනේ මෙම කොප්පරා මත්ස්යf ගහනය තුලින් සාර්වමිශ්රිuතතාවය පෙන්නුම් කරන බවයි.වසර කීපයක් මීට තිබෙන සිංහල පදය සෙවීමේ අසාර්ථක උත්සාහයෙන් ඉක්බිතිව මවිසින් මෙම සිංහල වදන මේ සඳා පඹැදීම සිදු කරන ලද්දේ එම අඩුපාඩුවට පිලියමක් ලෙසිනි.

මෙම සංසිද්ධිය නම් බත්කූරන් විශේශය තුලත් පවතින බව මෙන්ම එම බත්කූරා ගෝලීය සාර්වමිශ්රිේත ගහනයක් (Global Panmictic Population) ලෙසින් පවතිනා බවත් 2016 වසරේදී  පෙන්වාදීමත්  නිසා මෙම සංසිද්ධිය පිලිඹඳව පුලුල් වශයෙන් සාකච්ඡා කිරීමට පදනමක් පසුගිය වසර පහ තුල ලැබී තිබුනත්,එවන් කතිකාවතක් මෙතෙක් මෙරට තුල සිදුවුනු බවක් නොපෙනේ.

මේ නිසා මෙම බත්කූරාගේ සංක්රමනික සමයත් සමඟින් මේ පිලිඹඳවත් අවධානයක් යොමු කරලීම යෝග්ය් වනු ඇති බව හැඟීමයි.

මෙම සංසිද්ධිය Wandering Glider නම් බත්කූරන් විශේශය තුලත් පවතින බව මෙන්ම එම බත්කූරා ගෝලීය සාර්වමිශ්රිිත ගහනයක් ලෙසින් පවතිනා බවත් 2016 වසරේදී  D. Troast, , F. Suhling, H. Jinguji, G. Sahlén  සහ J. War යන විද්යාිඥයන් කන්ඩායම විසින් ප්රීකාශයට පත්කල විද්යා ත්මක පත්රිiකාව මඟින් පෙන්වාදී තිබේ.එම පර්යේrශක කන්ඩායම විසින් උතුරු ඇමෙරිකාවේ,දකුනු ඇමෙරිකාවේ මෙන්ම ආසියාවේ ඉන්දියාව,ජපානය සහ කොරියාව යන රටවල් වලින් හමුවන මෙම විශේශයේ බක්කූරන්ගේ ප්ර,වේනික විවිධතාවයන් අධ්යජයනයට ලක්කරන ලදී .එහිදී පෙනී ගොස් තිබෙන්නේ ඔවුන් අතර ප්රුවේනික වශයෙන් විවිධත්වයක් නොමැති බවයි.ඒ අනුව ඔවුන් පෙන්වා දුන්නේ මෙම විවිධ ගහනයන් එකිනෙකා සමඟ එක්වන බවයි.වෙනත් ලෙසක්ලින් දක්වතොත්,මොවුන් තම දීර්ඝ පර්යෙටනයන් තුලින් වෙනස් ජනගහනයන්ට එකිනෙකා සමඟින් මිශ්රලවීමේ ඉඩකඩ ලැබී තිබෙන බවත් වේ.මේ හේතුව මත මෙම බත්කූරන් විශේශය  ගෝලීය සාර්වමිශ්රිමත ගහනයක් ලෙසින් පවතිනා බව මොවුන් ප්රබකාශයට පත්කරන ලදී.

මෙම බත්කූරන් අලලා කල හයිඩ්රරජන් සමස්ථානික පරීක්ශන මඟි එම බත්කූරාගේ වෙනස් ජනගහනයන් එක්වීමේ ප්ර්වනතාවයක් පවතින බව 2020 වසරේදී  K.A.Hobson, H. Jinguji, Y. Ichikawa, J.W. Kusack සහ  R.C. Anderson යන විද්යාඥයන් කල පර්යේපශනයන් මඟින් පෙන්වාදී තිබේ.

මෙම විද්යාsඥයන් විසින් මෙම බත්කූරන්ගේ පියාපත්වල තිබෙන හයිඩ්ර ජන් වල තිබෙන වෙනස් සමස්ථානික ප්ර තිශතයන් අනුව එම සතුන් මුල් අවධිය ගතකරන ලද ප්රෙදේශයන් නිර්නය කර ගැනීම තුලින් මෙම පර්යේකශනය සිදුකර තිබේ.බත්කූරන් සියලුදෙනාම තම වර්ධක අවධිය වන ශිශු අවධිය ජලයේ ගතකරන නිසා මෙය සිදු කිරීමෙන් සාර්ථක ප්ර්තිඵල ලබා ගැනීමට හැකිබවත් ඔවුන් සඳහක් කර තිබේ.ඒ අනුව ඔවුන් විසින් වසරේ විවිධ කාලවලදී ජපානයෙන් හමුවන මෙම විශේශයේ බත්කූරන් ඇසුරෙන් කල මෙම පර්යේ්ශනය මගින් සොයාගෙන තිබෙන්නේ අප්රේල් මාසයේදී ජපානයේ හමුවන්නේ නිරිතදිග සිට එනම් දකුනුදිග චීනයේ සහ  ගිනිකොනදිග ආසියාවේ සිට පැමිනෙන්නන් බවත්,ගිම්හානයේ හෙවත් වසර මැදදී හමුවන්නේ බටහිරින් ජපානයට පැමිනෙන්නන් හෙවත් දකුනු චීනය,මොන්ගෝලියාව ,උතුරු ඉන්දියාව සහ ටිබෙට් රාජ්යිය තුලින් බවත්,වසරේ අවාසාන භාගයේදී,එනම් ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසයන් තුල හමුවන්නේ කොරියාවේ සහ රුසියාවේ සිට පැමිනෙන්නන් බවත්‍ වේ.එසේම ජපානය තුල බෝවූවන් ලෙස වසර තුල හමුවන්නේ ඉතා සුලු ජනගහනයක් වන බවත් ඔවුන් විසින් සොයාගෙන තිබේ.

ලොව සිටින විශේශ 6000 පමන වන කූරන් (ඔඩොනේටා ගෝත්රිකයන්) අතරින් වඩාත්ම පුලුල් ව්යාප්තියක් සහිත විශේශය,සුලභම විශේශය මෙන්ම මොවුන් අතුරින් පර්ය‍ටනයේ යෙදෙන බත්කූරන් විශේශ 25-30 අතුරින් දිගම දුරක් පර්ය ටනයේ යෙදෙන්නා,මුහුදට ඉහලින් පර්ය්ටනයේ යෙදෙන්නා මෙන්ම සියලුම කෘමීන් ගත්කලත් දීර්ඝතම පර්යරටනයේ යෙදෙන්නාත්  Wandering Glider විශේශය වේ.

මේ මධ්ය ම ප්රනමානයේ බත්කූරන් විශේශය ප්රධාන වශයෙන් කහ පාට ශරීරයක් දරන්නෙකි.නමුත් ඇතැමුන් තැඹිලි-කහ හෝ තැඹිලි වර්නයෙන් යුතුය.

මේ විශේශයේ මුහුන කහ පාටය.පිරිමි සතා රතු පාට උඩ කොටසින් සහ නිල්වන් අලු පාට පහල කොටසක් සහිත ඇස් දරයි.නමුත් ගැහැනු සතාගේ ඇස්වල උඩ කොටස දුඹුරුවන් වේ.

කහ පාට උරසේ සිහින් රෝම තිබේ.පසු පියාපත්වල මුල කොටස පැහැදිලි පුලුල් වීමක් පෙන්නුම් කරන අතර එය මෙම විශේශයට වාතධාරාවන් දිගේ පාවීයාමට උපකාරී වේ.පසු පියාපතේ මුල් කොටස කහ-දුඹුරු පාටින් යුතුය.පියාපත්වල වර්න ලප කහ හෝ තැඹිලි පාටින් යුතුය.

උදරය ප්‍රධාන වශයෙන්​ කහපාට මුත්, පිරිමි සතුන්ගේ එය බොහෝවිට තැඹිලි-කහ හෝ තැඹිලි පාටක් ගනී.උදරයේ පෘශ්ථීයව කලු පාට සලකුනු පෙලක් තිබේ.මින් උදරයේ අවසන් කොටස් තුනේ තිබෙන සලකුනු වඩා විශාලව සහ ඉදිරිය සිහින්ව සහ පිටුපසින් මහත්වූ හැඩයකින් යුක්ත වීම ලාක්ශනිකය.

වේගයෙන් පියඹා යාමේ හැකියාවෙන් යුතුය.ඇතැම් අවස්ථාවල ඉහලිනුත්,අනවස්ථාවන්හිදී භූමි මට්ටමට ආසන්නවත් මේ බත්කූරා පියාසර කරනු පෙනේ.

එමෙන්ම මෙම බත්කූරා පෘශ්ථයන් මත වැසීම නොකරන්නෙකි.ඔවුන් සැමවිටම පෘශ්ථයකින් එල්ලී වසා සිටින්නෙකි.

එසේම වෙනත් බොහෝ බත්කූරන් විශේශවල ශිශු අවධිය දීර්ඝ වන නමුත්,මෙම විශේශයේ බිත්තරයක් තුලින් සුහුඹුලෙකු ඇතිවීම සති හයකදී සිදුවන බවත්‍ වේ.මේ නිසා සංක්රබමනය අතරතුර බෝවීම තුලින් නව සාමාජිකයන් කඩින්කඩ එම සංක්ර මායට එක්වීමේ ඉඩකඩ තිබේ.මෙම ප්රසජනන විලාශයත්,කුඩා දිය කඩිතිවල බිත්තර දැමීමත්,සංක්රිමනය අතරතුර නව ගහනයන් නිරතුරුව ඇතිකර ගැනීමට ඉවහල්වන සාධකයන් වේ.
මෙම ප්රථම ඡායාරූප දෙකෙන් පිරිමි සතෙකුත්,තෙවන සහ සිව්වන ඡායාරූප දෙකෙන් ගැහැනු සතෙකුත් දැක්වේ.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *