Year: 2021

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව 2021/12/10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කොටගෙන ඉදිරිපත් කරයි! 1986 වසරේ මැයි පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’ ප්‍රසංගය ඉදීරිපත් කළ මහජන වේදිකාව වූ කලී තරුණ සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන් ක්‍රියාත්මක වූහ. මෙම ඓතිහාසික ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා සංගීත, රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්‍රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා සිය දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම දැවන්ත කාර්යය සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා…
Read More

ගෝඨාභයගෙ දෙවසරක පාලනය රටම අඳුරට හෙළූ යුගයක්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච  පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් "මේ යකා පිස්සෙක්" කියන තැනට ජනයා ගමන් කොට ඇත. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ උද්ගත වී ඇති පෝලිම්වල මේ…
Read More
පරිසරය රැකීමට කටින් බතල කොළ සිටුවන රාජ්‍ය නායකයෝ

පරිසරය රැකීමට කටින් බතල කොළ සිටුවන රාජ්‍ය නායකයෝ

Originally published on https://vivaranalk.com/පරිසරය-රැකීමට-කටින්-බතල-ක/ By Mahinda Hattaka Post published:November 8, 2021 බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් (වම), සහ එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්, (දකුණ), පලස්තීන අධිකාරියේ අගමැති මොහොමඩ් ෂ්ටයියේ වෙත ආචාර කරති පසුගිය දින එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි පැවැත් වූ COP 26 ගෝලීය උණුසුම් වීම වැළැක්වීමේ රාජ්‍ය නායකයන්ගේ හමුව ලෝකයේත් මිනිසාගේත් අනාගතය පිළිබඳ තීරණාත්මක අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පැවසුවේය. කාර්මික කරණය ඇතුළත් මිනිස් ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශුන්‍ය කිරීම හෝ වායුගෝලය උණුසුම් වීම සෙල්සියස් අංශක 1.5 මට්ටමේ පවත්වා ගැනීම අරමුණු කර ගත් එකඟතා නියමිත කාල සීමාව තුළ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාත්මක…
Read More
ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

ගුරු වැටුප් අරගලයෙන් පාඩම් ඉගෙන ගෙන දේශපාලනිකව සංවිධාන වෙමු!

විජේපාල වීරකෝන් විසිනි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයකය. රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී පවතී. භාණ්ඩ මිල පාලනය සහ නිෂ්පාදනය සම්පූර්‍ණයෙන්ම පාහේ පවතින්නේ ජාවාරම්කරුවන් අතේය. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්නා සෑම පියවරයකටම විරුද්ධව ජාවාරම්කරුවන් එම භාණ්ඩ වෙළඳපොලෙන් අතුරුදන් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා මාර්‍ගය හා සමානුපාතිකව රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ගෑස් මිල ඉහල දැමුවේ දෙගුණයකිනි. සහල්, සීනි, කිරි පිටි, පාන් පිටි, සිමෙන්ති ආදී ද්‍රව්‍යවල මිල ඉහල ගියේ ඉතා විශාල ප්‍රමාණයකිනි.  මෙම කාලය තුල වැඩ කරන ජනතාවගේ වැටුප ශතයකින්වත් වැඩි නොවුනි. ඩොලර් නොමැතිකම නිසා ආණ්ඩුව පොහොර ආනයනය නවතා දැමුවේ රසායනික පොහොර ජනතාවට අහිතකර බව පවසමිනි.…
Read More
මේ කතාව බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවිකාවක ගෙන්…

මේ කතාව බියගම නිදහස් වෙළඳ කලාපයේ සේවය කරන සේවිකාවක ගෙන්…

By Chandra Devanarayana තවමත් තරුණ වියේ පසුවන ඇය දෙදරු මවක්. ප්‍රේම සම්බන්ධතාවයක් මත විවාහ වුණු ඇය සිය ස්වාමි පුරුෂයා සමඟ බියගම නිදහස් වෙළෙඳ කලාපය ට පැමිණියේ රැකියාවක් කර ගෙයක් දොරක් සාදාගෙන දරුවන් සමඟ නිදහසේ ජීවිතය ගත කරන්නට සිතාගෙනය. නමුත් ඒ සිතුවිලි සියල්ල බිඳ දමමින් සිය ස්වාමි පුරුෂයා දවසින් දවස වෙනස් වෙමින් බිමතින් නිවසට පැමිණ ඇයට ලේ ගලනතුරු පහර දෙන්නටත්,වෙනත් මිනිසුන් පාවා දෙන්නටත් සහ දරුවන්ට ද කරදරයක් වන ලෙස හැසිරෙන්නට පටන් ගත්තේ අතමිට මුදල් ගැවසෙන්නට පටන්ගත් පසුය. වසර දහයක් පමණ මේ සියල්ල ඉවසූ ඇය පසුගිය දිනෙක ඔහු ගැසු පහරක් හේතුවෙන් රෝහල් ගත වන්නට ද සිදු වූයෙන් ඇය එම අවස්ථාවේ පොලිසියේ පිහිට…
Read More
එඬේර කොකා / ගව කොකා / Cattle Egret— සංක්‍රමනික ගහනයේ පැමිනීම​…

එඬේර කොකා / ගව කොකා / Cattle Egret— සංක්‍රමනික ගහනයේ පැමිනීම​…

ජගත් ගුණවර්ධන විසිනි මෙරට හමුවන සුදු කොක් (Egrets) විශේශ හතරෙන් කුඩාතමයා වන එඬේර කොකාගේ මෙරට හමුවන ගහනයට සෑම වසකම අගදී විශාල සංක්‍රමනික ගහනයක් එකතුවේ.මවිසින් කලක් පුරා කරමින් තිබෙන නිරීක්ශනයන්ට අනුව මේ සංක්‍රමනික එඬේර කොක් ගහනය නේවාසික ගහනය මෙන් කිහිප ගුනයකින් වැඩිය​.නමුත්,නිතර දකින් නිසා බොහෝ දෙනා කල්පනාවෙන් නොබලන හෙයින් මඟහැරී ගොස් තිබූ එඬේර කොකාගේ සංක්‍රමනය මවිසින් මෙන්ම​,ස්වාධීනව තවත් අධ්‍යයනයක යෙදුනු දීපාල් වරකාගොඩ මහතාගේත් අදහස විය​. ඒ අනුව පසුගිය දශකයේ අප දෙදෙනාම කල අඛන්ඩ නිරීක්ශන මෙය තව තවත් තහවුරු කරන්නක් විය​. එඬේර කොකාගේ සංක්‍රමනික ගහනය මෙරටට සාමාන්‍යයෙන් එලඹෙන්නේ ඔක්තෝම්බර් මස මැද භාගයේ සිට නොවැඹර් මස තෙක් කාලයේදීය​.මෙවරත් එම සංක්‍රමනය මේ දිනවල මුල්…
Read More
කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂය ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ (learning) අභියෝග සලකා බැලීමට ප්‍රවේශයක්…

විජයානන්ද ජයවීර විසින් සිය වෙබ් අඩවිය වන JAYAVOICE හි පළ කරන ලද ලිපියකි. උපුටා ගැනීම: https://jayavoice.com/2020/05/05/කලා-හා-මානව-ශ්%e2%80%8dරාස්ත්%e2%80%8dරී/ අපේ විශ්ව විද්‍යාල වල කලා සහ මානව විද්‍යා විෂය හදාරන ශිෂ්‍ය ප්‍රජාව ඒ විෂයයන් තරයේ ඉගෙන ගැනීමට දක්වන උනන්දුව මද බව අසන්නට ලැබේ. කලා සහ මානව ශ්‍රාස්ත්‍රීය විෂයන්‍ මෙන් නොව භෞතික, රසායනික හා ජීව විද්‍යා වැනි ශුද්ධ විද්‍යා විෂයයන් ඉගෙන ගැනීම, බොහෝ විට අතීත හා සමීප සුසමාදර්ශයන් (paradigm) වෙනස් කරන සුලු, විද්‍යා පර්යේෂණ නිගමන වලින් මෙහෙය වෙයි. එයට වෙනස් ව කලා හා මානව ශ්‍රාස්ත්‍රීය‍ විෂයයෙහි වෙනස් කම් සිදු වන්නේ නිරන්තරයෙන් සංක්‍රාන්තියට (transition) ලක් වෙන සංස්කෘතියකට එම විෂය ක්ෂේත්‍ර‍ අයත් වන බැවිනි. බොහෝ විට  එම…
Read More
අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

අතුරුදහන් වුණු පුංචි කෝච්චියේ ඉතිහාසගත රසබර කතා

Kusumsiri Wijayawardena Contributor 15 Oct 2021 අදටත් අපි රත්නපුර හරහා ඕපනායකට ගිය සබරගමුව සැහැල්ලු දුම්රිය පාරට කියන්නේ පුංචි කෝච්චි පාර කියලා. විසිතුරු මතක සහිත මේ දුම්රිය කලකට පෙර ම නැවතුණා. පසුව හෝමාගමට පමණක් ධාවනය වුණු පුංචි කෝච්චිය මෑත අතීතයේ සිට යළිත් අවිස්සාවේල්ල දක්වා ධාවනය ආරම්භ වුණා. දැන් මේ පාරත් පළල් දුම්රිය මාර්ගයක් වෙලා ඉවරයි.  එහි අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටසත්, යටියන්තොට දක්වා කොටසත් නටබුන් බවට පත්ව අතුරුදන් වුණා. එසේ මතක සටහන් ඉතිරිවුණු අවිස්සාවේල්ල ඕපනායක කෝච්චි පාර ගැන සොයා බැලීමට ගත් උත්සාහයක් මේ. ආණ්ඩුකාර වෙස්ට් රිජ්වේ- srilankaexpress.com වර්ෂ 1800 අග වනවිට අප රට උඩරට දුම්රිය මෙන්ම මාතර  මුහුදුබඩ දුම්රිය ද විශාල…
Read More
උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

උල්කාවකින් විනාශ වූ මැදපෙරදිග නගරය

Janaka Prasad15 Oct 2021 සෑම වසරක ම මිලියන ගණනක් කුඩා ගල් කැට ප්‍රමාණයේ උල්කාෂ්ම පෘථිවියට පැමිණෙනවා. මේවා බොහෝමයක් පෘථිවි වායුගෝලයේ ගැටී ගිනිගෙන විනාශ වුවත් වායුගෝලයේ දී දැවී අවසන් වීමට නොහැකි වූ තරමක් විශාල උල්කාෂ්ම පෘථිවි පෘෂ්ඨයට පතිත වීමත් දැකිය හැකි යි. නමුත් බොහෝ අවස්ථාවල ඒවායින් පෘථිවි ජීවීන්ට හානියක් වන්නේ නැහැ. නමුත් සියවසකට වරක් පමණ නිවසක් තරම් විශාල උල්කාෂ්ම වායුගෝලයේ ගැටී පුපුරා යෑම නිසා අනතුරු සිදුවනවා. 2013 වසරේ දී සහ ඊට පෙර 1908 වසරේ දී රුසියාවේ එවැනි පිපුරුම් වාර්තා වුණා. මේවයින් දේපළ හානි වාර්තා වුණත් තුවාල හැරෙන්නට ජීවිත හානි වාර්තා වුණේ නැහැ. නමුත් ක්‍රිස්තු පූර්ව 1700දී පමණ සිදු වූ උල්කාපාත වායු…
Read More
කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

කුන්මින් ප්‍රකාශනය (Kunming Declaration) සහ අපේ පරිසර පද්ධතීන්වල අනාගතය​

ජගත් ගුණවර්ධන විසිනි මේ දිනවල චීනයේ කුන්මින් (Kunming) නගරයේ පවත්වනු ලබන ජෛව විවිදත්ව ප්‍රඥප්තියේ පාර්ශ්වයහි පහලොස්වන සමුලුවේදී (15th Conference of Parties)(COP-15) ඊට පාර්ශ්වයන් වන රටවල් විසින් මීට දෙදිනකට පෙර​,එනම්,ඔක්තෝම්බර් මස 13 දින ලොවේ ජෛව විවිධත්වය ආරක්ශා කිරීමට ප්‍රතිඥා දෙමින් පොදු ප්‍රකාශනයක් සම්මත කර ගන්නා ලදී.මෙම සමුලුව පවත්වන කුන්මින් නගරය වෙනුවෙන් එය "කුන්මින් ප්‍රකාශනය​ (Kunming Declaration)" ලෙස නම්කර තිබේ.ලොවේ රටවල් 195ක් ජෛව විවිධත්ව ප්‍රඥප්තියට (Convention on Biological Diversity)(CBD)අත්සන් තබා බලාත්මක කර තිබෙන නිසා (හෙවත් ප්‍රඥප්තියේ පාර්ශවයන් (parties) නිසා) එය මෙම රටවල්වල නියෝජිතයන් සියල්ලගේම අනුමැතියෙන් හෙවත් පාර්ශ්වයන් විසින් අනුමත කර තිබේ.ශ්‍රී ලංකාවද මෙම ජෛව විවිධත්ව ප්‍රඥප්තියයේ පාර්ශ්ව රටක් වේ. මෙම ප්‍රකාශනය මඟින්…
Read More