ඔබ සොබාදහම මිරිකන විට
ඔබද මිරිකෙනු ඇත …

චාල්ස් දයානන්ද විසිනි

වසංගතය අපට
සොබාදහම හැර වෙනත්
විශ්ව බලයක්,
සර්ව බලධාරියෙක් නැති බව
උගන්වමින් සිටී …

සොබාදහම මිරිකා අනේකවිධ
භාණ්ඩ ඔබට සෑදිය හැක..
ඒත් ඔබට ..
සොබාදහම පරදා
මරණය ජයගත නොහැක ..
වියපත් වීම නැවතිය හැකි
ඔසුවක් නිපදවිය නොහැක ..

ඔබට හැක්කේ
සොබාදහම තලා පොඩිකර
භාණ්ඩ නිපදවීමත්,
මිත්‍යාව විකුණා
මුදල් පොදිගැසීමත් පමණි.

ඔබ සොබාදහම මිරිකන විට
ඔබද මිරිකෙනු ඇත …

හිරුඑළිය ,මහපොළොව ,
තුරුලිය ,සතාසීපාවා ,
දියබිඳ, හුස්ම පොද…
එකම ජීව ක්‍රියාවලියක් බව
මතක තබාගනු සබඳ..!

එකම විශ්ව ශක්තිය
එය පමණි …!!!

චාල්ස් දයානන්ද

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *