නිල් කුරුමිනි-කුරුල්ලා / මහ කුරුමිනි-කුරුල්ලා / Blue-tailed Bee-eater

ජගත් ගුණවර්ධන විසිනි

සෑම වසරකම ශීත සෘතු සංක්‍රමනිකයෙකු ලෙස සැප්තැම්බර් මහ මැද භාගයේ පටන්  මෙරටට පැමිනෙන මේ පක්ශියා මෙරටින් හමුවන කුරුමිනි-කුරුල්ලන් අතරින් විශාලතමයාද වේ.තවද​,මොවුන් මෙරටේ රැඳී සිතින කාලයේදී මෙරට හමුවන සුලභම සහ වඩාත් පුලුල් ව්‍යාප්තියක් සහිත කුරුමිනි-කුරුලු විශේශයද වේ.

සෑම වසරකම මෙරටට පැමිනෙන නිල් කුරුමිනි-කුරුල්ලා පහතරට තෙත් සහ වියලි කලාපවල මෙන්ම කඳුකරයේත් ව්‍යාප්ත වන්නෙකි.නැවත යාම සාමාන්‍යයෙන් සිදු කරන්නේ මාර්තු මස අග සහ අප්‍රේල් මස මුල් කාලයේදීය​.

සිහින් දිගු ශරීරයක්,තරමක් වක්වූ සිහින් උල් හොටක්,පලල් ත්‍රිකෝනාකාර පියාපත්,සිහින් වලිගය සා එහි මැදින් පහලට නෙරායන කූරක් වන් පිහාටු යුගල​,කහ පාට උගුරු ප්‍රදේශය​,මලකඩ​-දුඹුරු ලැම ඉහල පෙදෙස​,නිල් පාට වලිගය මෙන්ම හොටයේ සිට ඇස් පසුකරමින් හිස පිටුපසට ගමන් කරන කලු පැහැති රේඛාව මේ පක්ශියා හඳුනා ගැනීමට ඉවහල් කරගත හැකි ලක්ශනයන් වේ.

ඉතා හොඳින් පියාසර කල හැකි සහ අවශ්‍ය විටකදී කරනම් ගැසීමට හැකි පියාසර හැකියාවක් සහිත නිල් කුරුමිනි-කුරුල්ලා තම ආහාරය ලෙස ගන්නේ පියාඹන කෘමි සතුන්වේ.පියඹා ලුහුබැඳ ගොස් හොටයෙන් අල්ලාගන්නා ගොදුරු වස සිටින ස්ථානයකට ගෙන ගොස් ගිල දමයි.ඉංග්‍රීසි බසින් මොවුන් මී මැස්සන් භක්ශනය කරන්නා යන අරුතින් යුතු “bee-eater” යන වදනින් හැඳින් වූවත් මෙම පක්ශීන් මී මැස්සන් ගොදුරු කරගන්නේ ඉඳහිටය​.නමුත් මොවුන් බත් කූරන් (Dragonflies) ගොදුරු කර ගැනීමට විශාල කැමැත්තක් දක්වයි.
එලිමහන් සහ විවෘත ස්ථාන ප්‍රිය කරන මේ පක්ශියා කොලඹ ඇතුලු ජනාකීර්න නගර මධ්‍යයේ පවා හමුවේ.නිවෙස්වල සහ ගොඩනැඟිලි වල පිහිටි කුලුනු සහ සංඥා ග්‍රාහක මත වසා සිට ගොදුරු ලුහුඹැඳීම නගර වල දක්නට හැක​.

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *