ශ්‍රී ලංකාවට ආවේනික ඉරටුකූරන්

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පරිනත පිරිමි සතෙකි.

ජගත් ගුණවර්ධන විසිනි

Sri Lanka Jungle Threadtail (Elattoneura caesia) තරමක් විශාල ප්‍රමානයේ සහ සිහින් සිරුරක් සහිත විශේශයකි.


පිරිමි සතා මුලුමනින් කලු පාට හිසක් සහ කලු පාට ඇස් සහිත වේ.උරස සහ උදරයේ පලමු ඛන්ඩිකාව අලුවන් ලානිල් පාටකින් යුතුය​.මේ වර්නය සහිත උරසක් දරන එකම මෙරට හමුවන එකම ඉරටුකූරන් විශේශයද මෙයයි.උදරයේ සෙසු ඛන්ඩිකාව සියල්ල දම්පාට ලෝහමය දිලිසීමක් සහිත තද කලු පාටකි.අපරිනත පිරිමි සතුන් කලු පාට උරසක් දරන අතර එහි දිග අතට කහ ඉරි වැටී තිබේ.

ගැහැනු සතාගේ ශරීරයේ නිල් පාට නොමැති අතර මුලු ශරීරයම කලු පාටක් ගනී. පියාපත් ලාදුඹුරු පාටක් ගනී.

කුඩා දිය පාරවල් සහ තෙත් බිම් ආශ්‍රිතව හමුවන මේ විශේශය කෙටි ශාක සහ පඳුරු මත වසා සිටී.බොහෝවිට ජලයට යොමුවී තිබෙන අතුවල වසා සිටිනු දකින්නට හැකි වේ.

මේ ඉරටුකූරන් විශේශය ශ්‍රී ලංකාවට ආවේනික විශේශයකි. පහතරට තෙත් කලාපයේ සහ ඊට යාබද පහල කඳුකර ප්‍රදේශවල වනාන්තර තුල හමුවේ. මේ වන විට දුර්ලභ සහ වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින මෙම ආවේනික විශේශය ජාතික රතු දත්ත නාමාවලියේ(National Red Data List ) වඳවීමේ තර්ජනයට පාත්‍රී (Vulnerable) (VU) විශේශයක් ලෙස දක්වා තිබේ.

ජගත් ගුණවර්ධන

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *