අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්, විරෝධතාවන්ට නායකත්වය දුන් ක‍්‍රියාකාරීන් අඛණ්ඩව රදවා තබා ගැනීමටත් සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ විරෝධය…

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප‍්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන් වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත්, ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අප අවධාරණය කරමු.

මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස අප අඛණ්ඩව පෙනී සිට ඇති අතර, සිවිල් අවකාශය මිලිටරිකරණය කිරීමට ගන්නා උත්සාහයන්ට එරෙහිව අපගේ විරෝධය දක්වන පළමු අවස්ථාව මෙය නොවේ. විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සංස්කාතික උරුමයන් ආරක්ෂා කිරීම, සෞඛ්‍ය යනාදි ක්ෂේත්‍ර‍යන් සදහා හමුදා ප‍්‍රධානීන්ගේ සහ හමුදා සමාජිකයින්ගෙන් යුතු කාර්ය සාධක බලකා පත් කිරීම ඇතුළුව හමුදාකරණය වන ප‍්‍රතිචාර ඉහළ යෑම සම්බන්ධව අප දිගින් දිගටම අවධානය යොමු කර ඇත්තෙමු. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහයට එරෙහිව මතු වී ඇති ජනතා අරගලයට අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි සිවිල් ව්‍යාපාරය වශයෙන් අප සහය පළකරන්නේ එම අරගලයේම දිගුවක් වශයෙනි. මෙම පනතේ අඩංගුව විමසා බැලීමේදි මෙය පැහැදිලිව සිවිල් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමට ගන්නා තිව්‍ර උත්සාහයක් බව අප නිරීක්ෂණයයි. යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අනුව, ආරක්ෂක අමාත්‍යංශය සහ මිලිටරිය මගින් මුලූමනින්ම පාලනය කෙරෙන්නා වූ ද, 1978 විශ්වවිද්‍යාල පනතෙන් පරිබාහිරව සහ ස්වාධීනව ක‍්‍රියාත්මක වන්නා වූ ද විශ්වවිද්‍යාලයක් බවට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පත්වේ. ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එහෙත් යෝජිත කොතලාවල පනත මගින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට සමාන බලයක් සහිත සමාන්තර මිලිටරිමය විශ්වවිද්‍යාල පද්ධතියක් නිර්මාණය වනු ඇත. එම විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පාලක මඩුල්ලක් විසිනි. මෙකී මිලිටරි ව්‍යුහය තුළ, මිලිටරි විනයට සිවිල් සිසුන් සහමුලින් යටත් කරන වගන්ති මෙම පනතේ අඩංගු බව අප නිරීක්ෂණයයි. ”විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප‍්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව” හෝ නැතහොත් එම තත්ත්වය මගින් විශ්වවිද්‍යාලයේ නිසි ක‍්‍රියාකාරීත්වය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, ”එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යයි ඔහු විසින් සලකනු ලබන පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධානය කරනු ලැබිය හැකි ය.” ප‍්‍රජාතන්ත‍්‍රවාදී පසුබිමක් තුළ ශිෂ්‍යය කි‍්‍රයාකාරිත්වයන්ට තිබෙන ඉඩකඩ මෙම පද්ධතිය තුළට ඇතුළත් වන සිසුන්ගෙන් සම්පුර්ණයෙන්ම අහිමි කර ඇති බව මෙමගින් තහවුරු කරන බව අප අදහසයි.

මේ සම්බන්ධයෙන් සිය විරෝධය පෑමට විශ්වවිද්‍යාල සිසුන් ඇතුලූ මේ පිළිබද උනන්දු සියලූ දෙනාට අයිතියක් ඇති අතර මේ සදහා නායකත්වය දුන් විශ්වවිද්‍යාල ආචාර්යවරු, ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් මර්දනය කිරීමේ උත්සාහයට අපගේ විරෝධය පළ කරමු. ව්‍යාජ චෝදනා නගමින් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් හා ආචාර්යවරු බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීම්, ප‍්‍රශ්න කිරීම් පිළිබද සිදුවීම් ගණනාවක් මේ වන විට වාර්තා වී ඇත. අගෝස්තු 03 වැනි දා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අගෝස්තු 05 වැනි දා රාත‍්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡුාවකට සහභාගී වී ආපසු යමින් සිටිය දි අත්අඩංගුවට ගනු ලැබීය. තවද විරෝධතාවලට සම්බන්වධ සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. පනතට එරෙහි විරෝධතාවයකට ගොස් නැවත පැමිණෙමින් සිටියදි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් ද කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. එමෙන්ම, කොතලාවල පනතට එරෙහිව මෙන්ම ගුරු විදුහල්පති අර්බුදය තුළ ක‍්‍රියාකාරීව කටයුතු කරන ක‍්‍රියාධරයන් මර්දනය කිරීමට ගත් උත්සාහයන් කෙරෙහි ද අප අවධානය පළ කරමු. මෙම අත්අඩංගුවට ගැනීම් බොහොමයක්, නිරෝධායන නීති උල්ලංඝනය කළේය යන ව්‍යාජ චෝදනා මත සිදුව තිබෙන බව අප නිරීක්ෂණයයි. විරෝධතාවයක් සදහා යොදා ගත් මිනීපෙට්ටියක ආකෘතියක් ගිනි තැබීම නිසා පොදු දේපලවලට හානි කර ඇතැයි යන චෝදනාව එල්ල කරමින් ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත.

එලෙස බන්නාගාර ගත කරනු ලැබූ වසන්ත මුදලිගේ, අමිල සන්දීප සහ චමීර කොස්වත්ත යන ශිෂ්‍ය නායකයින්ට බන්නාගාරය තුළ දි කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දැනගන්නට ලැබේ. බලධාරීන්ගේ මෙම වගකීම් විරහිතභාවය සහ මොවුන්ගේ ජීවිත ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමේ වගකීම රජය බාර ගත යුතුව ඇති බව අපි දැඩිව අවධාරණය කරන්නෙමු. රැදවුම්භාරයේ සිටින්නන්ගේ සෞඛ්‍ය ආරක්වෂාව, ආරක්ෂාව සහ සුබසාධනය තහවුරු කිරීම අවශ්‍යයෙන්ම රජයේ වගකීමකි. වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක‍්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත‍්‍රයක් නොවන බව අප දැඩිව අවධාරණය කරමු. මේ වන විට පාර්ලිමේන්තුවට ගෙන ඒමට ප‍්‍රමාද කර තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප‍්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රදවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් අපි රජයට බලකර සිටිමු.

Organizations 

1. Anuradhapura District Citizen Committee 

2. Asia Lanka Social Development Cooperation 

3. Center for Community Empowerment, Batticaloa. 

4. Centre for Human Rights and Development (CHRD)

5. Centre for Society and Religion 

6. Civil Society Solidarity Centre 

7. Eastern Social Development Foundation (ESDF) 

8. Environment and Community Development Information Centre (ECDIC) 9. Families Of the Disappeared 

10. Food Information Action Network- FIAN Sri Lanka 

11. Human & Environment Links Progressive Organization (HELP-O) 12. Human Rights Office, Kandy  

13. INFORM Human Rights Documentation Centre 

14. Institute Social Development (ISD) 

15. Janawaboda Kendraya  

16. Lanka Organic Agriculture Movement (LOAM) 

17. Law and Society Trust 

18. Lawyers for Democracy 

19. Movement for National Land and Agriculture Reform (MONLAR) 20. Movement for Plantation Peoples’ Land Rights (MPPLR) 21. Muslim Women’s Development Trust 

22. National convener -National Fisheries Solidarity Movement 23. National Peace Council 

24. Organization of Environment and Children Rights Preservation OECRP 25. Partners in Alternative Training (PALTRA) 

26. PEF Sri lanka 

27. People’s Alliance for Right to Land (PARL) 

28. RED Organization 

29. Right to Life Human Rights Centre (R2L) 

30. Rights Now Collective for Democracy  

31. Rural Development Planning Organization (RDPO) 

32. SAFE Foundation 

33. Samadana 

34. Savisthri National Womens’ Movement 

35. Social Institute for Development of Plantation Sector (SIDPS) 36. Sri Lanka Brief 

37. Sri Lanka Nature Group 

38. St John’s Church, Uranee, Batticaloa 

39. Standup Movement Lanka 

40. University of Peradeniya 

41. Upcountry Civil Society Collective (UCSC) 

42. UPSAC Sri Lanka 

43. Uva Shakthi Foundation 

44. Vikalpa 

45. Viluthu–Centre for Human Resource Development 46. Women Development Organization 

47. Women for Justice and Peace in Sri Lanka 

48. Women’s Action for Social Justice (WASJ) Net Work. 49. Women’s Action Network 

Individuals 

50. Anithra Varia  

51. Anushaya Collure 

52. Aruna Shantha Nonis  

53. Ashila Dandeniya 

54. B.Gowthaman, Attorney at law 

55. Buhary Mohamed  

56. Chaminda Piyasekara  

57. Chandra Devanarayana  

58. Chathura Walivitiya  

59. D.A Saman Hamangoda 

60. D.M. Nimal Disanayake  

61. Dinushika Dissanayake, Attorney-at-Law 

62. Fr. Jeevantha peiris  

63. Fr. Nandana Manatunga –  

64. Fr. Rohan Silva  

65. Fr.M.Sathivel  

66. Herman Kumara  

67. Ian Ferdinands 

68. J.A.N.N.Priyantha Fernando 

69. Jagath Siriwardana  

70. Jayani Abeysekara  

71. Jayanthi Kuru-Utumpala 

72. Jayasiri Jayasekara  

73. Jehan Jegadeesan  

74. Jehan Perera  

75. Joanne Senn 

76. Juwairiya Mohideen  

77. K,S,Ratnavale , Attorney at law 

78. K. Ajith Hadley Perera  

79. K. J. Brito Fernando  

80. L.W.R Wickramasinghe  

81. Lal Wijenayake  

82. Lucille Abeykoon

83. Maithreyi Rajasingam,  

84. Marisa de Silva  85. N. Harsha Jayarathna,  

86. N. Sukirtharaj,  

87. Nadesan Suresh  

88. Nadie Kammallaweera 

89. Nagulan Nesiah 

90. Nalini Rathnarajah  

91. Niroshan Ekanayaka  

92. Niyanthini Kadirgamar 

93. P.Muthulingam  94. P.N.Singham  

95. Peter Rezel 

96. Philip Dissanayaka  

97. Prabodha Rathnayaka, Attorney-at-Law 98. Prof. Arjuna Parakrama  

99. Prof. Jayadeva Uyangoda  

100. Puni Selvaratnam  

101. Raman Sanjay Gandhi  

102. Rev. Rajan Rohaan,  

103. Rev.Andrew Devadason 

104. Rev.Dr. Jayasiri Peiris 

105. Rev.Reid Shelton Fernando 

106. Ruki Fernando 

107. Ruwan Laknath Jayakody 

108. S. Balakrishnan  109. S. Ratnajeevan H. Hoole  

110. S. Visvalingam  111. S.C.C.Elankovan,  

112. S.Sandanam  

113. Sachitha Nandajith  114. Sampath Samarakoon  

115. Sarala Emmanuel 

116. Shereen Saroor  117. Suchith Abeyewickreme  

118. Sunanda Deshapriya  

119. Suren D. Perera,  120. Swasthika Arulingam, Attorney-at-Law 121. Thilak Kariyawasam  122. Tisaranlee Gunasekara

123. Udaya Kalupathirana  124. Vadivel Rameshananthan,  

125. Vasuky Rajendra  

126. Viboo Balakrishnan  

127. Visakha Tillekeratne,

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *