යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

ඒකාධිපති, පවුල්වාදී හා මිලිටරිවාදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා දින කිහිපයකට පෙර ඉතාලියේ සංචාරයක් ආරම්භ කරන ලදී. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළ කරමින් දිගින් දිගටම කළු කොඩි ඔසවමින්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව පත්කර ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන ඔව්හු සිය අප්‍ර‍සාදය ප්‍ර‍කාශ කරමින් දැවැන්ත විරෝධතා දක්වමින් සිටිති.

ආණ්ඩු විරෝධී කළු කොඩි රැල්ල ප්‍ර‍ංශයටත්

ප්‍ර‍ංශයේ රිපුක්බ්ලික් (Republique) චතුරශ්‍රයේදී

2021 සැප්තැම්බර් 18 වන දින සවස 4.00 ට, ප්‍ර‍ංශයේ වෙසෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය උදෙසා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ මිලිටරිවාදී ආණ්ඩුවට එරෙහිව කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එතැන් සිට සෑම සෙනසුරාදාවකම අත් අඩංගුවේ පසුවන ශිෂ්‍ය, වෘත්තීය සමිති හා සමාජ ක්‍රීයාකාරීන් නිදහස් කරන තෙක් මෙම සත්‍යය ක්‍රියාව සිදු කිරීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත. එම සංවිධායක කමිටුව පහත සඳහන් දේශපාලන පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත වේ. 

  • ජනතා විමුක්ති පෙරමුණ
  • පෙරටුගාමී සමාජවාදී පක්ෂය
  • සමගි ජන බලවේගය
  • ඒක්සත් ජාතික පක්ෂය
  • ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය

පොදු දේපල විදේශයන්ට විකිණීමට ඒරෙහිවීම, පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු හෙළි කරන ලෙස බලකිරීම, නීති විරෝධීව අත් අඩංගුවේ තබාගෙන සිටින ශිෂ්‍ය, වෘත්තීය සමිති හා  සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙස බල කිරීම මෙම උද්ඝෝෂණයේ මූලික සටන් පාඨ ලෙස සංවිධායකයන් ඒ්කමතිකව තීරණය කර ඇත.

වාර්තා කරන්නේ සමන්ත රාජපක්ෂ

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *