හොමෝ ??? විශේෂය. නව අබිරහස් මානව විශේෂයක් සොයාගැනේ

උපුටා ගැනීම: https://thathu.com/2021/09/08/හොමෝ-විශේෂය-නව-අබිරහස්-ම/

මානව පරිණාම වංශකතාවේ සැඟව තිබූ පුරුකක්, අනතර්ජාතික පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසින් ඊශ්‍රායාලයෙන් සොයා ගනු ලැබ ඇත..

ඊශ්‍රායාලයේ නෙෂර් රම්ලා(Nesher Ramla) පුරාවිද්‍යා බිමේ කැනිම්වල දී සොයා ගැනිමට හැකිවූ හිස්කබල පසු කලක් දක්වා පැවතීමට සමත් වූ, කැපිපෙණෙන හෝමෝ ජනතා කොට්ඨාශයක නියෝජනයක් විය හැකිය. මෙම ජන කාණ්ඩය  මීට වසර 420,000 සිට 120,000 දක්වා පමණ කාලයක වත්මනේ ඊශ්‍රායාලයේ හෝ ඒ අවට ජීවත් වූවේ යයි සැලකේ.

පර්යේෂකයන් වන Israel Hershkovitz, Yossi Zaidner  සහ සගයන්  Science සඟරාවෙහි පළකල සම්බ්න්ධී අධ්‍යයන වාර්තා දෙකකින් විස්තර කරන පරිදි, මෙකී පෞරාණික මානව ප්‍රජාව සිය සංස්කෘතිය පමණක් නොව සිය ජාන ද අසල්වැසි හෝමෝ සේපියන් කණ්ඩායම්  සමග වසර දහස් ගණන් තිස්සේ බෙද හදා ගන්නට ඇත.

නව ෆොසිල

(හිස් කබලේ පි‍ටුපස්සට වෙන්නට) දක්ෂිණ පාර්ශවකපාල හෙවත් කුඩයීයක් (a right parietal ) සහ සම්පූර්ණයෙන්ම වාගේ ආරක්ෂිත තිබූ පීචයක්(mandible විශේෂයෙන් යටි හක්කක්) ද ඇතුළුව හිස් කබලක(කපාලයක) කොටස් මෙහි දී සොයා ගනු ලැබූ අතර ඒවා වසරා 140,000 – 120,000ක් පැරණි යයි දින ගණනය කෙරුණි. ඒවා ගැන විශ්ලේෂණයෙන් පෙණී ගියේ එම ශරීර කොටස් අයිත් තැනැත්තා පූර්ණ වශයෙන් H. sapiens විශේෂයට අයත් නොවන බවයි. කෙසේවෙතත්, ඒවා නියැන්ඩර්තාල්(Neanderthal) විශේෂයට ද අයත් නොවේ. ඒ අවධියේ ඔය කලාපයේ විසූ වේ යයි කල්පනා කෙරෙන අනෙකුත් එකම මානව වර්ගය ලෙස සැලකෙන්නේ නියැන්ඩර්තාල්ය. ඒ වෙනුවට මෙම මානව කොට්ඨාසය වැටෙන්නේ ඔය විශේෂ දෙක මැදටය: එනම්, විද්‍යාව මගින් මින් පෙර කිසිදා හඳුනා ගෙන නොතිබූ සුවිශේෂී හෝමෝ ජනගහනයකි.

A new mystery human species has been discovered in Israel

Nesher Ramla  පීචය සහ කපාලය ඉහත දැක්වෙයි.

ෆොසිලගත මිනිස් කාපාල තවත් බොහොමයක් සමග සවිස්තරාත්මක සංසන්දන්යෙන් පර්යේෂකයන්ට පෙණී ගියේ පාර්ශවීය අස්ථිය, ආදී සහ නූතන H. sapiens යන දෙකොට්ඨාශයෙන් සැලකිය යුතු වෙනස් “පෞරාණික” ගති ලක්ෂණ දක්වන බවයි. ඊට අමතරව අස්ථිය, නියැන්ඩර්තාල් සහ මුල් අවධියේ H. sapiens බොහොමයක් අතරේ තිබුණාට වඩා සැලකිය යුතු මට්ටමින් ඝන බවද නිරීක්ෂණය විණ. හණුවෙන් ද පෞරාණික ගති ලක්ෂණ පළවන නමුත් නියැන්ඩර්තාල් අතරේ දක්නට ලැබෙන ස්වරූප ද (එහි) අඩංගුවිය.

මුල් අවධියේ H. sapiens  සහ පසුකාලීන නියැන්ඩර්තාල් යන දෙපිරිසෙන්ම කැපීපෙණෙන ලෙස වෙනස් පෞරාණික සහ නියැන්ඩර්තාල් ලක්ෂණවල සුවිශේෂී මිශ්‍රනයක් අස්ථි එක්ව ගත් කල හෙළිවෙයි.

Location of the site Nesher Ramla. | Download Scientific Diagram
Nasher Ramel in israel
A new mystery human species has been discovered in Israel

මේ ජනතාව තවත් සිටිත් ද?

සුප්‍රකට Lady of Tabun පුරා විද්‍යා භූමිය ද ඇතුළුව, ඊශ්‍රායාලයේ අනෙකුත් ස්ථල හෙවත් ක්ෂේත්‍රවල දී(sites) සොයා ගනු ලැබූ ෆොසිල, කලින් ඔවුනට තිබූ Neanderthal හෝ H. sapiens අනන්‍යතාවට පිළිසැසදුම්ව,  මේ නව අභිරහස් මානව කොට්ඨාසයේ කොටසක් විය හැකි යයි අධ්‍යයන කතුවරු අදහස් කරති.

(Tabun C1 ලෙස පුරාවිද්‍යාඥයන් අතර ප්‍රකට) Lady of Tabun ස්ථලය මුලින්ම සොයා ගනු ලැබුවේ පුරෝගාමී පුරාවිද්‍යාවරියක වන යුස්‍රා(Yusra) සහ ඇගේ ක්ෂේත්‍ර අධ්‍යක්ෂ ඩොරති ගැරඩ් (Dorothy Garrod) විසිනි. ඒ 1932 ය. ඉතා පුළුල් ආකාරයෙන් හැදෑරීම්වලට ලක්වූ මේ වැදගහ් පුරා විද්‍යා භූමිය, අපේ ගුප්ත ඥති සොහොයුරන් වන නියැන්ඩර්තාල් (Neanderthal) ගැන වැඩි යමක් නොදත් කාල වකවානුවක, ඔවුන්ගේ ව්‍යවච්ඡෙදය(anatomy) සහ චර්යා රටාව පිළිබඳව අපට අපමණ කරුණු කාරණා කියාදීමට සමත් විය.

Are Neanderthals the same species as us? | Natural History Museum

Tabun C1වල  සහ Qesem මෙන්ම Zuttiyeh ගුහාවල අනෙකුත් අය ඇත්තටම Nasher Ramel  හෝමෝ කණ්ඩායමේ සාමාජිකයන් නම්, පර්යේෂකයන් විසින් පෙර දක්වන ලද ඔවුන්ගේ ශරීර ව්‍යුහයේ ඇතැම් අසංගතතා හෙවත් නොගැලපීම් පැහැදිලි කිරීමට  මේ ප්‍රතිවිශ්ලේෂණය සමත් වෙනු ඇත.

Nasher Ramel  අභිරහස් හෝමෝ සාමාජිකයා, නියැන්ඩර්තාල් හා අප අතර වඩාත්ම මෑතක පොදු පූර්වජායා පවා නියෝජනය කරනවා විය හකිය. නියැන්ඩර්තාල්ගේ ගතිලක්ෂණ මිශ්‍රවීම හෝමෝ සේපියන් සහ නියැන්ඩර්තාල් අතර 400,000ත් 200,000ත් අතර කාලයේ දී සිදුවූ ඇතිවූ ජාන ගලනය(gene flow) පිළිබඳ ජානමය සාක්ෂි සනාථ කරයි. වෙනත් වචනවලින් කියතොත්, කලින් සිතා සිටියාට වඩා විවිධ හෝමෝ ජන කොට්ඨාශ අතර අන්තර් අභිජනනය(interbreeding) වඩාත් සුලබ බවක් දිස්වේ.

ඊටත් වඩා ප්‍රහේලිකාවකට මුල් වන කාරණයක් වන්නේ  Nasher Ramel  ස්ථලයෙහි දි ගල් ආයුධ 6,000ක් පමණ පර්යේෂක කණ්ඩායම විසින් සොයාගනු ලැබීමයි. මෙම  ආයුධ සාදා ඇත්තේ සමකාලීන හෝමෝ සේපියන්වරු සිය ආයුධ නිපදවීම අඳහා යොදා ගත් තාක්ෂණයට සමාන ආකාරයකටය. මෙහිදී කොපමණ නම් සමානකමක් ප්‍රදර්ශනය වී ද යත් නෙෂර් රම්ලා හෝමෝ සහ හෝමෝ සේපියන් දෙකොට්ඨාශය නිරතුරව එකම ප්‍රදේශයක් එකිනෙකා හා එකට ගැවසුණු බවක් පෙණි යයි. ඔවුහු, දැන් පෙණි යන පරිදි,  හුදෙක් ජාන හුවමාරු කරගත්තා පමණක් නොව ආයුධ සෑදීම ගැන ගුරුහරුකම් ද බෙදාහදා ගත්හ.

එපමණක් ද? ඇයි එතකොට ගින්දර?

අල්ලාගෙන, මස්කර එහිදීම කාදමන ලද සතුන්ගේ අස්ථි මේ ස්ථලයේ තිබී සොයා ගැනිණ. මේ සොයා ගැනීම්වලින් දැක්වෙන්නේ නෙෂර් රම්ලා හෝමෝ කැස්බෑවන්, කුරංගයන්, ආදී ගවයන්, වල් ඌරන් සහ පැස්බරුන් ඇතුළුව සතුන් පරාසයක්ම දඩයම් කළ බවයි. එපමණක් ද නොව සිය ආහාර පිසීම පිණිස ඔවුහු ගින්දර භාවිත කළහ. ඒ බව ෆොසිල හා සමාන කාල පරාසයකට අයත් යයි සැලකෙන  ගිනි මැළ අතිතය ගැන කරුණු අනාවරණය වීමෙන් දැන ගත හැකි විය.  නෙෂර් රම්ලා හෝමෝ ගිනිමැළ දැල්වීමට දර එකතු කරා පමණක් නොව අද ජීවත් වන ජනතාව සිදු කරන ආකාරයටම ගිනි කළමනාකරණයට ක්‍රියා කාරීව දස්කම් දැක් වු බවද පෙනි යයි. 

පාලනයකින් යුතුව ගින්දර පාවිච්චි කිරීම පිළිබඳ ආදිතම සාක්ෂි බොහෝ ඈතක — බාගදා වසර මිලියනකට එහා අතීතයක — විය හැකි වුවත් මේ සුවිශේෂී ගිනි මැළය ගැන වඩාත්ම සිත් ඇදී යන සාක්ෂිය වන්නේ,  සමකාලීන හෝමෝ සේපියන්වරු සහ නියැන්ඩර්තාල්වරු සිය ගිනි මැළ  ‍රැකි අයුරින් නෙෂර් රම්ලා හෝමෝ ජනයා ද බොහොම් සීරුවෙන්, කල්පනාවෙන් ගිනිමැළ ගැන සොයා බැලුවේය යන කාරණාවයි.

වඩාත් කැපී පෙණෙන කාරණාවක් වන්නේ ආරක්ෂිත ගුහාවක පිටත පිහිටි පරිසරයක එපමණ කාලයක් ගිනිමැළ අංගය විනාශ නොවී ඒ ආකාරයෙන්ම පැවතීමයි. වාතයට විවෘත පරිසරයක නොනැසී එලෙසම  පවතින වඩාත්ම පැරණි ගිනිමැලය එය ලෙස දැන් සැලකේ.

සමස්ථයක් වශයෙන් ගත් කල අපට මෙලෙස උපමා සම කොට දක්වන්න පුළුවන්: මානව පරිණාමය යනු සාක්ෂි ‍රැගත් පොතපත අළුතෙන් එක්වන පොත් රාක්කයක් යයි සිතමු. ඉතින් මේ නව සොයා ගැනීම මෙතෙක් දැන නොසිටි සාක්ෂි සහිත පොත් පෙට්ටියක් හදිසියේ හමුවුණු ආකාරයකි. සැලකිල්ල යොමු විය යුතු තවත් පොතපත කිහිපයක් අඩුවුවත්,  පොත් රාක්කය වඩා හොඳින් පෙළ ගැස්වීමට  නෙෂර් රම්ලා හෝමෝ මානවයා උපකාරී වෙයි. තවමත් අඩුව ඇති “පොතපත” සෙවීමට උනන්දු වීමෙන් මානවයන් වන අපගේ අතීතය වඩාත් හොඳින් තෙරුම් ගැනීමට උදව් වෙනු නො අනුමානයි.

The Conversation හී පළවී ඇති Homo who? A new mystery human species has been discovered in Israel  යන ලිපිය ඇසුරෙනි

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *