සොයිලියස් මැන්දිස් දිනය

චාල්ස් දයානන්ද විසිනි

සැප්තැම්බර් 1 දිනය සොයිලියස් මැන්දිස් මහා සිත්තරා මියගිය දිනයයි .

 එය ” සොයිලියස් මැන්දිස් දිනය ” ලෙස ප්‍රකාශයට පත් කලේ 2002 සැප්තැම්බර් 1 දින සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සොයිලියස් මැන්දිස් චිත්‍රකලා පදනම විසිනි .එදින විශේෂ සමරු උත්සවයක් පවත්වා ප්‍රථම වරට සමරු උලෙළක් සංවිධානය කරනු ලැබීය .ඉන් පසු එය වාර්ෂිකව පවත්වමින් එනු ලැබේ.


          සොයිලියස් මැන්දිස් මහා සිත්තරා ශ්‍රී ලාංකීය බිතුසිතුවම් කලාව ආසියානු පෞරාණික සම්ප්‍රදාය තුලින් යලි පුනර්ජීවනය කරන ලද්දේ කැලණි විහාරයේ බිතුසිතුවම් තුලිනි .නමුත් ඔහුට එම කාර්‍යය අවසන් කිරීමට නොහැකි විය .වසර 18 ක් කළ කැලණි චිත්‍රාවලිය අවසානයේ ඇති වූ සිත්තැවුලක් නිසා චිත්‍ර කලාව අතහැර තම ගම වන මහවැව ට ගොස් නිහඩ ජීවිතයක් ගතකොට 1975 සැප්තැම්බර් 1 දින අභාවප්‍රාප්ත විය .

         ඉන්පසු මේ මහා පුරුෂයා සමාජය ට අමතක වී ගියේය .යලි මෙම විශිෂ්ඨ මිනිසා ජීවත් කරවීමේ පරමාර්ථය ඇතිව “සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම “පිහිටවූයේ 2002 දීය. සංස්කෘතික දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගෙන මෙම කාර්‍යය ඇරඹීමට ප්‍රථම එතුමා පිලිබදව විස්තර සොයා අපි 2002 මැයි 14 දින මහවැව ඥාතීන් සොයා ගියෙමු .එම ගමනට සහබාගි වූ පිරිස මෙසේය . චාල්ස් දයානන්ද ,නන්දලාල් උඩුපෝරුව, තිලක් පල්ලිය ගුරුගේ, නිමල් සිල්වා, සමරදාස මුතුහේවා, එන්.ඒ.ඩී.හේමචන්ද්‍ර, හාතාගොඩ විමලසිරි .
                සොයිලියස් මැන්දිස් මහතාගේ අයියා ගේ දියණිය සැන්ටලින් මැන්දිස් මාතාව හා ඇගේ දරුවන් වන ගුවන් ඉංජිනේරු ජයදේව මැන්දිස් ,ඩඩ්ලි මැන්දිස් හා මිතුරෙක් වූ සොයිසා මහතා හමුවී සියලු තොරතුරු සටහන් කර ගතිමු .මේ සියලු විස්තර ඇතුළු කර අපි පොත් තුනක් ප්‍රකාශයට පත්කලෙමු.සොයිලියස් මැන්දිස් යලි ජීවිතය ලැබුවේ හා සමාජය දැනගත්තේ ඒ තුලිනි .
      සොයිලියස් මැන්දිස් ගේ පියා වලිමුනි සිරිනේලිස් මැන්දිස් වෙද මහතාය.මව සිරෝ මැන්දිස් .දරුවන් නම දෙනෙකි.කොමලිස් මැන්දිස් ,සොයිලියස් මැන්දිස් ,ලියලිස් මැන්දිස් ,යුවලිස් මැන්දිස් ,සරාලිස් මැන්දිස් ,දාර්ලිස් මැන්දිස් ,තේලිස් මැන්දිස් ,ත්‍යාගරුචි මැන්දිස් ඒ දරුවෝය .


             මේ සියලු තොරතුරු රැගෙන අප කලා භවනට එනවිට සවස 3.30 විය .එහිදී සොයිලියස් මැන්දිස් චිත්‍ර කලා පදනම පිහිටුවා ගතිමු.ඒ සදහා සහබාගි වූයේ මේ අයයි.නි.සංස්කෘතික අද්‍යක්ෂ ආර්.ඩබ්. ගුනරත්න,මහාචාර්ය දෑල බන්ඩාර ,එස්.පී.චාල්ස් ,සරත් සූරසේන,දොස්තර විපුල දර්මවර්දන,ආනන්ද වීරතුංග හා චූලනාත ජගත් චන්ද්‍ර හා අපි පිරිසයි.
             ඉන් පසු ප්‍රථම සමරු උත්සවය 2002 සැප්තැම්බර් 1 දින ජෝන් දසිල්වා රගහලේදී පැවැත්වූයෙමු.එදින කැලණි විහාරයේ චිත්‍ර පොත ඇතුළු පොත් 3 ක් ප්‍රකාශයට පත් කලෙමු.සමස්ත ලංකා ලමාචිත්‍ර තරගයක් පවත්වාඅ සම්මාන ප්‍රදානය කලෙමු .එය වාර්ෂිකව පවත්වාගෙන ආ නමුත් කොරෝනා හේතුවෙන් නතර වී ඇත .ඒ සමග චිත්‍ර කලා ශිල්පීන් සදහා සම්මාන ප්‍රදානෝත්සවයක් ද ආරම්භ කලෙමු .පලමු සම්මාන ලාභීන් වූයේ එස්.පී.චාල්ස් ,සෝමබන්දු විද්‍යාපති,සොයිලියස් මැන්දිස් ගේ දෙවන ගෝලයා වූ ඒ.එම් අරනෝලිස්,සිහිල් ඇම් සිරිසේන ,සෝමපාල විජේසුන්දර යි.

        සියලු වැඩ වලට ලේක් හවුස්` ආයතනය මාධ්‍ය අනුග්‍රහය දෙන ලදී .බන්දුල පද්මකුමාර හා තිලකරත්න කුරුවිට බණ්ඩාර මුල් උත්සවය ට පූර්ණ සහය දෙනලදී …..
         අද දින සොයිලියස් මැන්දිස් මහතා අනුස්මරණය වෙනුවෙන් මෙම සටහන තැබුවෙමි ..

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *