හඬ තලන කිතලුනේ
කළුවරට බිය වීද
හැන්දෑවෙ ගං ඉවුරෙ කෙටල
පත් සෙලවේද
අනතුරක සේයාව හැඟී හිත් සසැලේද
මිනිසුන්ට නැති ඉවක් නුඹලාට හිමි නේද
පරපුරක උරුමයට කණ කොකා හඬලාවි
වඟුරු බිම වසාගෙන මන්දිරත් ඉදිවේවි
එය තෙපිට දියුණුවේ අගය යැයි නොදැනේද
උරුමයන් නැසූවත් මිනිස්සුන් මොරදේද
උරගයින් හබා විත් බිජු ගිලින අතරේම
බහිරවයො පියාඹති අහස්කුස දසතේම
දැන නොදැන සේ ඉන්න විනාශය නොසිතේද
බලව් මිනිසුන් නිදති ගිනි ගන්න පොළවේද
——-
සුසන්ත දන්දෙණිය
2021/09/07