28
Sep
Wijayananda Jayaweera සිය මුහුණත් පිටුවේ තබන ලද සටහනකි අද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්ජාතර දිනයයි. වසර පහකට පෙර තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලදී. ඒ අනුව පොදු අධිකාරි සතුව ඇති ඕනෑම තොරතුරක් "2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිලිබඳ පනතේ" නියම කරන ලද ආකාරයට ලබා ගැනීමේ අයිතිය අපට තිබේ. එහෙත් මේ නීතිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැක්කේ පොදු අධිකාරි විසින් එසේ ඉල්ලන තොරතුරු නිසි පරිදි ලබාදෙන්නේද යන්න ගැන විමසිල්ලෙන් සිටින තොරතුරු කොමිසමේ කල්කිරියාව හා ස්වාධීනත්වය අනුවය. මෙතෙක් ඒ කටයුත්ත සතුටුදායකව ඉටු කෙරුණේ කොමිසමට පත්ව සිටි සාමාජිකයන් පස්දෙනා සිය කටයුතු වෘත්තීය ස්වාධීනත්වයකින් හා අදීන…