Month: December 2021

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව…

මහජන වේදිකාව ‘නිදි නැති නදියේ නාදය’ තිස්පස් වසරකට පසුව 2021/12/10 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිති කොටගෙන ඉදිරිපත් කරයි! 1986 වසරේ මැයි පළවෙනිදා ‘නිදි නැති නදියේ නාදය’ ප්‍රසංගය ඉදීරිපත් කළ මහජන වේදිකාව වූ කලී තරුණ සංස්කෘතික කණ්ඩායමක් වූ අතර එහි විජිත ගුණරත්න , සුනිලා අබේසේකර , සුනිල් විජේසිරිවර්ධන , රෙඩ්ලි සිල්වා , රංජිත් පෙරේරා ආදීහු සමාරම්භක වශයෙන් ක්‍රියාත්මක වූහ. මෙම ඓතිහාසික ප්‍රසංගයේ නිර්මාණ කටයුතු සඳහා සංගීත, රංග කලා හා දෘෂ්‍ය කලා ක්ෂේත්‍රවල කලාකරුවන් හැටදෙනෙක් පමණ සහභාගි වූහ. මේ පිරිසෙන් බහුතරයක් ස්වේච්ඡා මට්ටමින් මේ ප්‍රසංගය උදෙසා සිය දායකත්වය ලබා දුන් බව සිහිකටයුතුය. මෙම දැවන්ත කාර්යය සාර්ථක කරගැනීම සඳහා ‘ජාතීන් අතර යුක්තිය හා සමානත්වය සඳහා…
Read More

ගෝඨාභයගෙ දෙවසරක පාලනය රටම අඳුරට හෙළූ යුගයක්…

ශ්‍රීනාත් පෙරේරා විසිනි නන්දසේන ගෝඨාභය ජනාධිපතිවරයා වශයෙන් පත්වී වසර දෙකක් ඉක්ම ගියේය. මේ දෙවසර කෙටියෙන් විස්තර කළහැකි පාඨ කීපයක්ම ඇත්තේය. අපරාදෙ, නාස්ති වූ දෙවසරක්, නටපු නැටුමකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ ආදී වශයෙන් එය දැක්විය හැකිය. මේ දෙවසරේ සිදුවූයේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමය. ඇත්තටම එය සැර මදිය. ගෝඨාභය පාලනය විසින් ජනයා මරු කටට දක්කා ඇත. මේ තරම් අදක්ෂ, මෝඩ, තකතිරු, තක්කඩි,උද්ධච්ච  පාලකයකු මේ දක්වා මේ රටේ සිට නැතැයි මහත් උජාරුවෙන් ඔහුට ඡන්දය දුන් පිරිස්ම පවසන්නට පටන්ගෙන ඇත. දැන් එයිනුත් එහාට ගොස් "මේ යකා පිස්සෙක්" කියන තැනට ජනයා ගමන් කොට ඇත. විශේෂයෙන්ම ඔහුගේ පාලනය යටතේ උද්ගත වී ඇති පෝලිම්වල මේ…
Read More