පරිසරය සහ ස්වභාව ධර්මය

බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය

බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය

ජගත් ගුණවර්ධන විසිනි Wandering Glider/ Globe Skimmer (Pantala flavescens) බත්කූරාගෙන් පෙන්නුම් කෙරෙන සාර්වමිශ්රිතතාවය (Panmixia / Panmicticism) යම්කිසි සත්ව විශේශයක වෙනස් ජනගහන සියල්ලේම සාමාජිකයන්ට එකිනෙකා අතර ප්රsජනනය වීමේ ඉඩකඩක් පැවතීම හෙවත්,ඔවුන්ගේ එක් ගහනයක සාමාජික සියල්ලන්ටම තවත් ඕනෑම ගහනයක විරුද්ධ ලිංගිකයෙකු සමඟ එක්වීමේ ඉඩකඩක් තිබීම හෙවත් විභවයක් තිබීම සාර්වමිශ්රිතතතාවය (Panmixia / Panmicticism) ලෙස හඳුන්වනු ලබයි. මෙවන් විශේශයන් සැමවිටම එක් අඛන්ඩ භූගෝලීය​ කලාපයක සිටීම හෝ ඉතා හොඳින් සංචරනය වීමේ ඉඩකඩක් සහ හැකියාවක් සහිත වීම විශේශත්වයකි.එමෙන්ම,මෙයාකාරයෙන් සියලු ගහනයන්හි සාමාජිකයන්ට වෙනස් ගහනයන් සමඟ මිශ්ර වීමේ ඉඩකඩ නිසාවෙන් මොවුන් තුල ජනගහනයන් අතර වෙනස්කම් හෝ උප-විශේශ හෝ පැවතීමට ඉඩකඩක් නොමැති වීමත් විශේශතම ලක්ශනයක් වේ. සාර්වමිශ්රිතතාවය සත්ව ලෝකයේ…
Read More
කෙටි, ස්ථූල ශරීරයක් සහිත බත්කූරන්…

කෙටි, ස්ථූල ශරීරයක් සහිත බත්කූරන්…

Elusive Adjutant (Aethriamanata brevipennis)--Male කෙටි,ස්ථූල ශරීරයක් සහිත වීම නිසා අනෙකුත් සියලු බත්කූරන්ට වඩා වෙනස් ශරීර හැඩයෙන් මේ විශේශය හඳුනාගත හැක​. මේ විශේශයේ උදරය කෙටි,පලල් සහ පාර්ශ්විකව සම්පීඩනය වී තිබේ. මෙම ලාක්ශනික උදර හැඩය සහ සාපේක්ශව කෙටි සහ ස්ථූල ස්වරූපය​ නිසා මෙම විශේශය ඉතා පහසුවෙන් හඳුනාගත හැකිවේ. පිරිමි සතාගේ හිස සහ උරස කලු පාටින් යුතුය​. පියාපත්වල මුල කොටසේ දුඹුරු පාට පැල්ලමක්ද තිබේ. උදරය සම්පූර්නයෙන්ම දීප්තිමත් තද රතු පාටින් යුතු අතර ඒ දීප්තිමත් තද රතු නිසා මෙන්ම ඊට යාබදව තිබෙන​ කලු පාට හිස සහ උදරයත් නිසා ඉතා ප්‍රකටව දිස්වේ. මේ විශේශයේ තිබෙන තවත් විශේශිත ලක්ශනයක් වන්නේ පසු පාදවල ඉහලින් තිබෙන​  සන්ධියේ පිටුපස…
Read More
නිල් කුරුමිනි-කුරුල්ලා / මහ කුරුමිනි-කුරුල්ලා / Blue-tailed Bee-eater

නිල් කුරුමිනි-කුරුල්ලා / මහ කුරුමිනි-කුරුල්ලා / Blue-tailed Bee-eater

ජගත් ගුණවර්ධන විසිනි සෑම වසරකම ශීත සෘතු සංක්‍රමනිකයෙකු ලෙස සැප්තැම්බර් මහ මැද භාගයේ පටන්  මෙරටට පැමිනෙන මේ පක්ශියා මෙරටින් හමුවන කුරුමිනි-කුරුල්ලන් අතරින් විශාලතමයාද වේ.තවද​,මොවුන් මෙරටේ රැඳී සිතින කාලයේදී මෙරට හමුවන සුලභම සහ වඩාත් පුලුල් ව්‍යාප්තියක් සහිත කුරුමිනි-කුරුලු විශේශයද වේ. සෑම වසරකම මෙරටට පැමිනෙන නිල් කුරුමිනි-කුරුල්ලා පහතරට තෙත් සහ වියලි කලාපවල මෙන්ම කඳුකරයේත් ව්‍යාප්ත වන්නෙකි.නැවත යාම සාමාන්‍යයෙන් සිදු කරන්නේ මාර්තු මස අග සහ අප්‍රේල් මස මුල් කාලයේදීය​. සිහින් දිගු ශරීරයක්,තරමක් වක්වූ සිහින් උල් හොටක්,පලල් ත්‍රිකෝනාකාර පියාපත්,සිහින් වලිගය සා එහි මැදින් පහලට නෙරායන කූරක් වන් පිහාටු යුගල​,කහ පාට උගුරු ප්‍රදේශය​,මලකඩ​-දුඹුරු ලැම ඉහල පෙදෙස​,නිල් පාට වලිගය මෙන්ම හොටයේ සිට ඇස් පසුකරමින් හිස පිටුපසට…
Read More
ශ්‍රී ලංකාවට ආවේනික ඉරටුකූරන්

ශ්‍රී ලංකාවට ආවේනික ඉරටුකූරන්

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පරිනත පිරිමි සතෙකි. ජගත් ගුණවර්ධන විසිනි Sri Lanka Jungle Threadtail (Elattoneura caesia) තරමක් විශාල ප්‍රමානයේ සහ සිහින් සිරුරක් සහිත විශේශයකි. පිරිමි සතා මුලුමනින් කලු පාට හිසක් සහ කලු පාට ඇස් සහිත වේ.උරස සහ උදරයේ පලමු ඛන්ඩිකාව අලුවන් ලානිල් පාටකින් යුතුය​.මේ වර්නය සහිත උරසක් දරන එකම මෙරට හමුවන එකම ඉරටුකූරන් විශේශයද මෙයයි.උදරයේ සෙසු ඛන්ඩිකාව සියල්ල දම්පාට ලෝහමය දිලිසීමක් සහිත තද කලු පාටකි.අපරිනත පිරිමි සතුන් කලු පාට උරසක් දරන අතර එහි දිග අතට කහ ඉරි වැටී තිබේ. ගැහැනු සතාගේ ශරීරයේ නිල් පාට නොමැති අතර මුලු ශරීරයම කලු පාටක් ගනී. පියාපත් ලාදුඹුරු පාටක් ගනී. කුඩා දිය පාරවල් සහ තෙත් බිම්…
Read More
ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

Kavinda Thathsarana Gamage වෛරසයක භයානකබව  වර්තමානය වන විට අප කවුරුත් අත්විඳිමින් සිටියි. මුළු ලෝකය ම වෙළා ගත් කොරෝනා හෙවත් SARS-COVID 2 වසංගතය මීනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් කෝටි ගණනකට අධික පිරිසකට ආසාදනය වෙමින් තව දුරටත් පැතිරෙමින් පවතියි. අතරම මෙම වසංගතය හේතුවෙන් රටවල් බොහෝ ගණනක් අකර්මණ්‍ය තත්ත්වයට වැටී ඇත. තවත් මිනිසුන් කෝටි ගණනකගේ රැකියා ද, ව්‍යාපාර ද අහිමි කරමින් ඉතා අවාසනාවන්ත ලෙස මිනිස් වර්ගයාට මෙන් ම ලෝක ආර්ථිකයට ද පහර ගසමින් සිටී. 2019 වර්ෂයේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී පසු ව ලෝකය පුරා ම ව්‍යාප්ත වූ මෙම වයිරසයේ අවසානයක් තවමත් පෙනෙන්නට නොමැත. මෙලෙස ලෝක ඉතිහාසය පුරාවටම විටින් විට මෙවැනි…
Read More