කම්කරු සහ වෘත්තීය අරගල

යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

ඒකාධිපති, පවුල්වාදී හා මිලිටරිවාදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා දින කිහිපයකට පෙර ඉතාලියේ සංචාරයක් ආරම්භ කරන ලදී. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළ කරමින් දිගින් දිගටම කළු කොඩි ඔසවමින්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව පත්කර ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන ඔව්හු සිය අප්‍ර‍සාදය ප්‍ර‍කාශ කරමින් දැවැන්ත විරෝධතා දක්වමින් සිටිති. ආණ්ඩු විරෝධී කළු කොඩි රැල්ල ප්‍ර‍ංශයටත් ප්‍ර‍ංශයේ රිපුක්බ්ලික් (Republique) චතුරශ්‍රයේදී 2021 සැප්තැම්බර් 18 වන දින සවස 4.00 ට, ප්‍ර‍ංශයේ වෙසෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය උදෙසා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ මිලිටරිවාදී ආණ්ඩුවට එරෙහිව කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එතැන් සිට සෑම සෙනසුරාදාවකම අත් අඩංගුවේ පසුවන ශිෂ්‍ය, වෘත්තීය සමිති හා සමාජ…
Read More
රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම…

රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම…

නිදහස් අධ්‍යාපනය විනාශ කරණ සහ අධ්‍යාපනය මිලටරීකරණය කිරීමේ අරමුණ ඇතිව වත්මන් රජය විසින් ගෙන ආ කොතලාවල පනතට විරුද්ධව විරෝධතාවයක නියුතු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහෝදරයින් රජය විසින් පදනම් විරහිතව සිරගත කිරීමත් රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම පුළුල් කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ග සහ මේ තත්ත්වයට සාමූහිකව මුහුණදීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කරන ලදී.
Read More