wisidagamage

63 Posts
බහු-විශ්ව(multiverse) න්‍යාය කියන්නේ කුමකට ද?

බහු-විශ්ව(multiverse) න්‍යාය කියන්නේ කුමකට ද?

Republished From: https://thathu.com/2021/08/29/බහු-විශ්වmultiverse-න්%e2%80%8dයාය-කියන්න/ අප ජීවත්වන්නේ බහු–විශ්වයක ද? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්! බහු–විශ්වය සැබෑවක් නම් හරියටම ඔබ වැන්නෙක්, දැන් ඔබ මේ කරනා දෙයම කරමින්  තවත් වෙන විශ්වයක සිටින්නට පුළුවන්. මොනවා??  ලිපිය තවදුරටත් කියවා බලන්න. අසංඛ්‍යය වු තාරකා සහ ග්‍රහ ලෝක පිරි මන්දාකිණි(galaxies) බිලියන සිය ගණනින් සමන්විත ආලෝක වර්ෂ බිලියන සිය ගණන් පුළුල් අපේ මේ විශ්වය හරුණු කොට තවත් විශ්වයන් තිබිය හැකි යයි බහු-විශ්ව(multiverse) න්‍යායයෙන් හැඟවෙයි. අපේ මේ විශ්වයෙන් බොහෝ දුර ඈත තවත් විශ්වයක්, සහ තවත් එකක් සහ තව තවත් යනාදී වශයෙන් විශ්ව අනන්ත ප්‍රමාණයක් තිබිය හැකියි. ඔව්,  ඒවාටම ආවේනික භෞතික විද්‍යා නියමයන් මෙන්ම (ඒවායේ තාරකා සහ මන්දාකිණි පැවතිය හැකි නම් ) ඒවාටම ආවේනික තාරකා සහ තාරකා මණ්ඩල හා මන්දාකිණි සහිත තව තවත් විශ්වයන්! ඒවාටම ආවේනික බුද්ධිමත් ජීවීන්ගෙන් සමන්විත  ශිෂ්ඨාචාරයන් පවා සහිත විශ්වයන්. බාගදා අපේ මේ විශ්වය, ඊට වඩා මහා දැවැන්ත,…
Read More
අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්,   විරෝධතාවන්ට නායකත්වය දුන් ක‍්‍රියාකාරීන් අඛණ්ඩව රදවා තබා ගැනීමටත් සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ විරෝධය…

අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත්, විරෝධතාවන්ට නායකත්වය දුන් ක‍්‍රියාකාරීන් අඛණ්ඩව රදවා තබා ගැනීමටත් සිවිල් සංවිධාන හා පුද්ගලයන්ගේ විරෝධය…

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ආණ්ඩු පාර්ශ්වය ගන්නා ප‍්‍රයත්නය, සිවිල් අවකාශය මිලිටරිකරණය වීමේ පියවරක් බව අප නිරීක්ෂණයයි. විශේෂයෙන් වසංගත අර්බුදයක් මධ්‍යයේ මෙවැනි පනතක් ගෙන ඒමට කඩිනම් වීමත්, ඊට එරෙහිව පෙනී සිටින ශිෂ්‍ය ක‍්‍රියාකාරීන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරු මර්දනය කිරීමත් අප දැඩි සේ හෙළා දකිමු. තවද, මෙම පනතට එරෙහි විරෝධතාවන්ට නායකත්වය දුන් ශිෂ්‍ය නායකයන් ව්‍යාජ චෝදනා නගා සිරගත කිරීමත් වසංගත සමයක ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව ද අප අවධාරණය කරමු. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය අවකාශය සුරක්ෂිත කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම, සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් සිවිල් සමාජය ලෙස…
Read More
ශ්‍රී ලංකාවට ආවේනික ඉරටුකූරන්

ශ්‍රී ලංකාවට ආවේනික ඉරටුකූරන්

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පරිනත පිරිමි සතෙකි. ජගත් ගුණවර්ධන විසිනි Sri Lanka Jungle Threadtail (Elattoneura caesia) තරමක් විශාල ප්‍රමානයේ සහ සිහින් සිරුරක් සහිත විශේශයකි. පිරිමි සතා මුලුමනින් කලු පාට හිසක් සහ කලු පාට ඇස් සහිත වේ.උරස සහ උදරයේ පලමු ඛන්ඩිකාව අලුවන් ලානිල් පාටකින් යුතුය​.මේ වර්නය සහිත උරසක් දරන එකම මෙරට හමුවන එකම ඉරටුකූරන් විශේශයද මෙයයි.උදරයේ සෙසු ඛන්ඩිකාව සියල්ල දම්පාට ලෝහමය දිලිසීමක් සහිත තද කලු පාටකි.අපරිනත පිරිමි සතුන් කලු පාට උරසක් දරන අතර එහි දිග අතට කහ ඉරි වැටී තිබේ. ගැහැනු සතාගේ ශරීරයේ නිල් පාට නොමැති අතර මුලු ශරීරයම කලු පාටක් ගනී. පියාපත් ලාදුඹුරු පාටක් ගනී. කුඩා දිය පාරවල් සහ තෙත් බිම්…
Read More
විද්‍යාවේ ‘ඔස්කා’ සම්මානයක් සුපිරි නිසියුම් ඔර්ලෝසුවට හිමිවෙයි

විද්‍යාවේ ‘ඔස්කා’ සම්මානයක් සුපිරි නිසියුම් ඔර්ලෝසුවට හිමිවෙයි

උපුටා ගැනීම: https://thathu.com/2021/09/12/විද්%e2%80%8dයාවේ-ඔස්කා-සම්මාන/ මින් පෙර කිසිදා සිදු කිරීමට නොහැකි වූ ආකාරයකට විශ්වය ගැන හැදෑරීමට සහ ගවේෂණය කිරිමට  ඉඩකඩ සලසන සුපිරි නිසියුම් ක්වොන්ටොම් ඝටිකාවකට(super-precise quantum clocks) 2022   නවෝත්පාදන පදනම(Breakthrough Prize Foundation) පිරිනමන මූලික භෞතිකවිද්‍යා සම්මානය හිමිවෙයි. පසුගිය 9 වෙනිදා (9/9) සැන්ෆ්‍රැන්සිස්කෝහී දී ප්‍රකශයට පත්කෙරුණු ප්‍රතිඵල අනුව මෙම ගෞරවය හිමිකරගෙන හිමිකරගෙන ඇත්තේ හිදෙටොෂි කටෝරි(Hidetoshi Katori ) සහ ජුන් යේ(Jun Ye) යන විද්‍යාඥයන්ය. ත්‍යාගයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන තුනකි. විවිධ අංශවල  ඉතිහාසය වෙනස් කරවන සුළු ප්‍රධාන පෙළේ සොයා ගැනීම් සඳහා පදනම වාර් ෂිකව පිරිනමන මේ ත්‍යාග විද්‍යාවේ ‘ඔස්කා සම්මාන’ ලෙස සැලකේ.. Katori ටෝකියෝ විශ්වවිද්‍යාලයේ සහ ජපානයේ රයිකෙන් පර්යේෂණ ආයතනයේ(Riken research institute) සේවය කරන …
Read More
හොමෝ ??? විශේෂය.  නව අබිරහස් මානව විශේෂයක් සොයාගැනේ

හොමෝ ??? විශේෂය. නව අබිරහස් මානව විශේෂයක් සොයාගැනේ

උපුටා ගැනීම: https://thathu.com/2021/09/08/හොමෝ-විශේෂය-නව-අබිරහස්-ම/ මානව පරිණාම වංශකතාවේ සැඟව තිබූ පුරුකක්, අනතර්ජාතික පුරාවිද්‍යාඥ කණ්ඩායමක් විසින් ඊශ්‍රායාලයෙන් සොයා ගනු ලැබ ඇත.. ඊශ්‍රායාලයේ නෙෂර් රම්ලා(Nesher Ramla) පුරාවිද්‍යා බිමේ කැනිම්වල දී සොයා ගැනිමට හැකිවූ හිස්කබල පසු කලක් දක්වා පැවතීමට සමත් වූ, කැපිපෙණෙන හෝමෝ ජනතා කොට්ඨාශයක නියෝජනයක් විය හැකිය. මෙම ජන කාණ්ඩය  මීට වසර 420,000 සිට 120,000 දක්වා පමණ කාලයක වත්මනේ ඊශ්‍රායාලයේ හෝ ඒ අවට ජීවත් වූවේ යයි සැලකේ. පර්යේෂකයන් වන Israel Hershkovitz, Yossi Zaidner  සහ සගයන්  Science සඟරාවෙහි පළකල සම්බ්න්ධී අධ්‍යයන වාර්තා දෙකකින් විස්තර කරන පරිදි, මෙකී පෞරාණික මානව ප්‍රජාව සිය සංස්කෘතිය පමණක් නොව සිය ජාන ද අසල්වැසි හෝමෝ සේපියන් කණ්ඩායම්  සමග වසර දහස් ගණන් තිස්සේ බෙද…
Read More
ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

ග්ලැසියර යට වසර දහස් ගණනක් සැඟවුණු වෛරස

Kavinda Thathsarana Gamage වෛරසයක භයානකබව  වර්තමානය වන විට අප කවුරුත් අත්විඳිමින් සිටියි. මුළු ලෝකය ම වෙළා ගත් කොරෝනා හෙවත් SARS-COVID 2 වසංගතය මීනිස් ජීවිත ලක්ෂ ගණනක් බිලි ගනිමින් කෝටි ගණනකට අධික පිරිසකට ආසාදනය වෙමින් තව දුරටත් පැතිරෙමින් පවතියි. අතරම මෙම වසංගතය හේතුවෙන් රටවල් බොහෝ ගණනක් අකර්මණ්‍ය තත්ත්වයට වැටී ඇත. තවත් මිනිසුන් කෝටි ගණනකගේ රැකියා ද, ව්‍යාපාර ද අහිමි කරමින් ඉතා අවාසනාවන්ත ලෙස මිනිස් වර්ගයාට මෙන් ම ලෝක ආර්ථිකයට ද පහර ගසමින් සිටී. 2019 වර්ෂයේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී පසු ව ලෝකය පුරා ම ව්‍යාප්ත වූ මෙම වයිරසයේ අවසානයක් තවමත් පෙනෙන්නට නොමැත. මෙලෙස ලෝක ඉතිහාසය පුරාවටම විටින් විට මෙවැනි…
Read More

පහන්තුඩාවේ සංසර්ග සංස්කෘතිය: මුර බල්ලනි, ගල මතුපිට ලෙස්සනවා පය පැටලේවී..!

-ඥානසිරි කොත්තිගොඩ ලියයි (ලංකා ඊ නිව්ස් -2021.සැප්.12, පෙ.ව.7.20) පහන්තුඩාවේ ශෘංගාර වීඩියෝවේ දැක්වෙන කාන්තාව බරපතල පාරිසරික දූෂණයක්  කරනවා නේද?  ගලක් මතුපිට අඹුසැමියන් ලෙස හැසිරීම නීතියෙන් තහනම්ද?  එය අසභ්‍යද?  සභ්‍යද ? ඉහත ප්‍රශ්න කීපය මට මතුවුනේ පහන්තුඩාව ජාත්‍යන්තර තලයට නැංවූ වීඩියෝව ගැන පත්තරවල තිබුන වාර්තා කීපයක් හා එම දර්ශන දැකලා. මේ එවැනි පුවත්පත් වාර්තා දෙකක්.  "බලන්ගොඩ පහන්තුඩාව ඇල්ලේ ගලක් මතුපිට අඹුසැමියන් ලෙස හැසිරුණු කාන්තාව සහ පිරිමි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි".   "රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල් ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කර ගනිමින් අසභ්‍ය වීඩියෝ පටියක් නිර්මාණය කිරීමේ සිද්ධියට අදාළ තරුණියක හා තරුණයකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ…
Read More
යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

යුරෝපය පුරාම ශ්‍රී ලංකා ආණ්ඩු විරෝධි කළු කොඩි රැල්ලක්!

ඒකාධිපති, පවුල්වාදී හා මිලිටරිවාදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා දින කිහිපයකට පෙර ඉතාලියේ සංචාරයක් ආරම්භ කරන ලදී. ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අගමැති මහින්ද රාජපක්ෂට විරෝධය පළ කරමින් දිගින් දිගටම කළු කොඩි ඔසවමින්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව පත්කර ඇති අභාග්‍යසම්පන්න තත්ත්වය ගැන ඔව්හු සිය අප්‍ර‍සාදය ප්‍ර‍කාශ කරමින් දැවැන්ත විරෝධතා දක්වමින් සිටිති. ආණ්ඩු විරෝධී කළු කොඩි රැල්ල ප්‍ර‍ංශයටත් ප්‍ර‍ංශයේ රිපුක්බ්ලික් (Republique) චතුරශ්‍රයේදී 2021 සැප්තැම්බර් 18 වන දින සවස 4.00 ට, ප්‍ර‍ංශයේ වෙසෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය උදෙසා ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවේ මිලිටරිවාදී ආණ්ඩුවට එරෙහිව කළු කොඩි විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. එතැන් සිට සෑම සෙනසුරාදාවකම අත් අඩංගුවේ පසුවන ශිෂ්‍ය, වෘත්තීය සමිති හා සමාජ…
Read More
රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම…

රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම…

නිදහස් අධ්‍යාපනය විනාශ කරණ සහ අධ්‍යාපනය මිලටරීකරණය කිරීමේ අරමුණ ඇතිව වත්මන් රජය විසින් ගෙන ආ කොතලාවල පනතට විරුද්ධව විරෝධතාවයක නියුතු වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහෝදරයින් රජය විසින් පදනම් විරහිතව සිරගත කිරීමත් රජයේ මර්ධනකාරි ක්‍රියාපිළිවෙත දිගින් දිගටම පුළුල් කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එක්සත් සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැත්වුන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ග සහ මේ තත්ත්වයට සාමූහිකව මුහුණදීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මෙහිදී සාකච්ඡා කරන ලදී.
Read More
“..දැන් ඉතිං කතා කරපන් ..”

“..දැන් ඉතිං කතා කරපන් ..”

චාල්ස් දයානන්ද විසිනි ලොව බිහිවූ විශිෂ්ඨතම මූර්ති ශිල්පියකු වන මයිකල් ඇන්ජිලෝ අතින් නිමවූ අග්‍රගන්‍ය නිර්මාණයක් වන්නේ මෝසෙස් ප්‍රතිමාවයි..මෙම මූර්තිය අවසන් කළ ඔහු ඈතට ගොස් ඒ දෙස මදවෙලාවක් බලාසිටියේය. තමන්ගේම නිර්මාණය ට වශීවූ ඔහු පිස්සකු මෙන් ඒ වෙත දිවගොස් මෝසෙස් ගේ උරහිස් දෙකෙන් අල්ලා සොලවා..."....දැන් ඉතිං කතා කරපං.."යයි කීවේය ...!!         මෙම අසහාය කලාකරුවා ජීවිතයේ අවසාන භාගයේදී සියලු වැඩ වලින් ඉවත්වී කරුණා බර තවුසකු මෙන් ඉතා නිසොල්මන් ජීවිතයක් ගත කලේය ..ඒ කාලයේ ඔහු ලියූ කවි දෙකක් මෙසේය ....   " මට කිසිම යාලුවෙක් නැත   මට ඒ කිසිවකු උවමනාද නැත ..   තවත් අවුන්සයක් වත් බර   දරන්නට මට නොහැක .. …
Read More