“..චිත්‍ර කලාව සමාජ යහපත සඳහා භාවිතා කිරීම ..”

චාල්ස් දයානන්ද විසිනි

මනෝසායනික චිත්‍ර කලාව
Living with art

ඔක්තෝබර් 14 දි මීගමුවේ ධීවර ගම්මානයක දරුවන් පිරිසක් සමග පැවැත්වූ මනෝසායනික චිත්‍ර කලා අභ්‍යාසය.

උදේ 9.30 සිට සවස 4.30 වන තෙක් කුඩා දරුවන් පිරිසක් ඉතා ක්‍රියාකාරීව මෙයට සහබාගි විය .මෙය චිත්‍ර ඉගැන්වීමක් නොවීය .වර්ණ සමග ක්‍රියාකාරී අභ්‍යාසයක් විය .සියලු දෙනා චිත්ත සමාධියකට පත්කිරීම මෙහි අරමුණ විය .ඇදීමේ දක්ෂ තාවය වැදගත් නොවීය .දරුවන් සමග දෙමාපියන් ද ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන අයුරු දැකගත හැකි විය .මෙය ඔවුන්ට ද මනෝසායනයක් විය …දරුවන්ට උදේ තේ සදහා විවේකයක් දුන්නත් ඔවුන් වැඩ නතර කලේ නැත .කෑම පාර්සලය පසෙක තබා වැඩෙහි නිරතව සිටි අයුරු දැකගත හැකි විය .ඉතා සාර්ථක වැඩ සටහනකි.

මෙය සංවිධානය කලේ ජනශක්ති ප්‍රජා මණ්ඩලය විසින් ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ අනුග්‍රහය ඇතිවයි ..මෙහෙයවීම චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය (sri lanka art educationlist’s association ).

By wisidagamage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *